විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල සාමාන්‍යයෙන් රුපියල් 19.20 ක්
ඒකක 30 හෝ ඊට වඩා අඩුවෙන් භාවිත කරන පවුල් සඳහා අය කරන්නේ ඒකකයක් සඳහා රුපියල් 4.50 ක මුදලක්
විමුක්ති එස්. රොද්‍රිගු
විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන ගාස්තුවට සාපේක්ෂව ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට එසේත් නැතිනම් සියයට 70 කට විදුලිය අලෙවි කරන්නේ පාඩුවට බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල සාමාන්‍යයෙන් රුපියල් 19.20 දක්වා පහළට ගෙනවිත් තිබෙන බවත් ඒකක 30 හෝ ඊට වඩා අඩුවෙන් භාවිත කරන පවුල් සඳහා විදුලිබල මණ්ඩලය අය කරනු ලබන්නේ ඒකකයක් සඳහා රුපියල් 4.50 ක මුදලක් බවත් බලශක්ති අමාත්‍යවරයා පැවැසුවේය.
පසුගිය වසරේ ජූලි මාසයේදී ඒකක 30 හෝ ඊට වඩා අඩුවෙන් භාවිත කරන පවුල් සඳහා විදුලි බල මණ්ඩලය අය කරනු ලැබුවේ ඒකකයක් සඳහා රුපියල් 8 ක මුදලකි.
මේ ආකාරයෙන් ඒකක 90 දක්වා ඒකකයකට අයකරන මුදල සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදලට වඩා පහළ ගොස් තිබෙන බවත් ඉන් අදහස් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට විදුලිය අලෙවි කරන්නේ පාඩුවට බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

