මුළු වත්කම් පදනම රුපියල් බිලියන 180.2 දක්වා පුළුල් වේ
බදු පෙර ලාබය (PBT) සියයට 37.5 කින් රුපියල් බිලියන 7.6 දක්වා ඉහළට
ණය සහ අත්තිකාරම් කළඹ සියයට 70 ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි
වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී (Vallibel Finance PLC) සමාගම 2025/26 මූල්‍ය වර්ෂය තුළ සිය ශක්තිමත් වර්ධන වේගය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතන හතර අතර තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. සුවිශේෂී කරුණක් වන්නේ, සමාගමේ තිරසාර වර්ධන ගමන් පථය සහ උපායමාර්ගික දැක්ම මනාව පිළිබිඹු කරමින්, ව්‍යාපාරික කටයුතු ආරම්භ කර වසර 19ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්වීමයි.
සලකා බලනු ලබන වර්ෂය සඳහා වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 7.6 ක බදු පෙර ලාබයක් (PBT) වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 37.5 ක කැපී පෙනෙන වර්ධනයකි. ශුද්ධ පොලී ආදායම ද සියයට 36.1 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 11.04 ක් වෙමින් ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇත. මනා මූල්‍ය කළමනාකරණයක් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවක් පවත්වා ගනිමින් වෙළෙඳපොළ අවස්ථාවලින් උපරිම ඵල නෙළා ගැනීමට සමාගමට ඇති හැකියාව මෙම ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි.
වැලිබල් ෆිනෑන්ස් හි ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය තවදුරටත් තහවුරු කරමින්, එහි වත්කම් පදනම පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 111.6 සිට සියයට 61.4 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 180.2 දක්වා පුළුල් වී ඇත. මෙම වර්ධනය සඳහා ශක්තිමත් ණය කළඹ වර්ධනය, ඵලදායී අවදානම් කළමනාකරණ භාවිතයන් සහ සමාගමේ නිෂ්පාදන පෙළ සඳහා පැවති ඉහළ පාරිභෝගික ඉල්ලුම හේතු විය. වත්කම්වල ගුණාත්මකභාවය ද සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති අතර, අක්‍රීය ණය (NPL) අනුපාතය සියයට 3.56 සිට සියයට 2.53 දක්වා පහත වැටී ඇත. මෙයින් විනයගරුක ණය කළමනාකරණය, ඉහළ නැංවූ ණය කළඹේ ක්‍රියාකාරිත්වය සහ සුපරීක්ෂාකාරී පිරිවැය පාලනය කැපී පෙනේ.
මෙම ජයග්‍රහණ අත්කර ගෙන ඇත්තේ වැලිබෙල් ෆිනෑන්ස් හි වර්ධන ගමන් මගෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් මත පදනම්වය. එනම්, මෙහෙයුම් ආරම්භ කර වසර 17ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් බිලියන 100 ක වත්කම් සීමාව පසුකළ ශ්‍රී ලංකාවේ වේගවත්ම මූල්‍ය ආයතනය බවට පත්වීමයි. මෙම ජයග්‍රහණයෙන් සමාගමේ වේගවත් වර්ධන ගමන් පථය, මෙහෙයුම් ශක්තිය සහ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා ඇති කැපවීම තවදුරටත් පිළිබිඹු කරයි. ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, වැලිබල් ෆිනෑන්ස් සමාගම “The Global Economics” ආයතනය විසින් අඛණ්ඩව වසර කිහිපයක් පුරා ”හොඳම මූල්‍ය සමාගම” (Best Finance Company) ලෙස ඇගයීමට ලක් කර ඇත. මෙම කීර්තිමත් ඇගයීම, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශය තුළ සමාගම සතු සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය, පාරිභෝගික විශ්වාසය සහ කැපී පෙනෙන කාර්ය සාධනය සඳහා වූ නොසැලෙන කැපවීමට සාක්ෂියකි.
සමාගමේ ශක්තිමත් මූල්‍ය තත්වය, ලංකා රේටින් ඒජන්සි (Lanka Rating Agency) වෙතින් ලැබුණු “A-” ණය ශ්‍රේණිගත කිරීම සහ බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) වෙතින් ලැබුණු “A” සන්නාම ශ්‍රේණිගත කිරීම මගින් තවදුරටත් තහවුරු වේ. එමගින් එහි මූල්‍ය ස්ථාවරත්වය, සන්නාම ශක්තිය සහ විශ්වාසනීය මූල්‍ය විසඳුම් ලබා දීමට ඇති කැපවීම මනාව පැහැදිලි වේ. “The Global Economics” විසින් අඛණ්ඩව වසර කිහිපයක් පුරා සමාගම ”හොඳම මූල්‍ය සමාගම” ලෙස හඳුනාගෙන තිබීම එහි සේවා විශිෂ්ටත්වයට සහ ක්ෂේත්‍රයේ නායකත්වයට ලැබුණු සහතිකයකි.
සමාගමේ ලාබදායිත්ව දර්ශක ද එකලෙසම ශක්තිමත්ව පැවති අතර, කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය (ROE) පෙර වසරේ පැවති සියයට 18.72 සිට සියයට 21.65 දක්වා වැඩිදියුණු වී ඇත. මෙයින් ඉහළ ආදායම් උත්පාදනය සහ කාර්යක්ෂම ප්‍රාග්ධන පරිහරණය පෙන්නුම් කරයි.
සමාගමේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා ප්‍රකාශ කළේ, වැලිබල් ෆිනෑන්ස් හි අඛණ්ඩ සාර්ථකත්වයට හේතුව නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය කෙරෙහි දක්වන දැඩි අවධානය බවයි. ක්ෂේත්‍රයේ නව ප්‍රමිති ඇති කරමින්, පාරිභෝගිකයන්ගේ විකාශනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම අඛණ්ඩව නව්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දී ඇති බව ඔහු සඳහන් කළේය. වැලිබල් ෆිනෑන්ස් හි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ඩිජිටල් පරිවර්තන මුලපිරීම්, පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ තිරසාර දිගුකාලීන වර්ධනයක් සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද රංගමුව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
දිවයින පුරා විහිදුණු වැලිබල් ෆිනෑන්ස් හි ශාඛා ජාලය සමාගම සතු ප්‍රධාන උපායමාර්ගික වාසියක් වන අතර, එය ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩව ව්‍යාප්ත වන ශාඛා 92 කින් සමන්විත වේ. මෙම පුළුල් ශාඛා ජාලය මගින් නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රජාවට කාර්යක්ෂමව සේවා සැපයීමට සමාගමට හැකියාව ලැබෙන අතරම, තැන්පතු බලමුළු ගැන්වීම, ණය වර්ධනය සහ පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ද දායක වේ.
සමස්තයක් ලෙස ගත් කල, මෙම ජයග්‍රහණ මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය සහ ගතික මූල්‍ය ආයතනයක් ලෙස වැලිබල් ෆිනෑන්ස් සතු කීර්ති නාමය තවදුරටත් තහවුරු කරන අතර, තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමටත්, පාර්ශවකරුවන් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමටත්, රටේ ආර්ථික ප්‍රගතියට අර්ථවත් ලෙස දායක වීමටත් සමාගම මනාව සූදානම් වී සිටියි.

