සැප්තැම්බරයේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 22.18ක්
භානුක අමරසිංහ
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 199.09 ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ කිලෝ මිලියන 196.22 හා සැසඳීමේදී කිලෝ මිලියන 2.87 ක ඉහළ යාමකි.
මෙහිදී 2024 වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී සියලුම ආකාරයේ තේ වගාබිම්හි නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාම කැපී පෙනෙන අවස්ථාවක් බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙම වාර්තා අනුව පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පිළිවෙළින් මාසිකව තේ කිලෝ මිලියන 21.46ක්, 15.60ක්, 24.43ක්, 26.39ක්, 25.36ක්, 21.69ක්, 21.36ක්, 19.68ක් සහ 22.18ක් බැගින් නිපදවා තිබේ.
කෙසේ වෙතත් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී තේ කිලෝවක් සඳහා වන මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 1,160.56 ක් (ඇ.ඩො. 3.88ක්) විය. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් 1,245.66 (ඇ.ඩො. 4.08ක්) හා සැසඳීමේදී රුපියල් 85.10 ක (ඇ.ඩො. 0.20ක) අඩුවීමකි.
මෙහිදී පහත් බිම් තේ කිලෝවක් සඳහා වන මිල රුපියල් 1,230.94ක් (ඇ.ඩො. 4.12ක්) ලෙසත්, මැදි වගා බිම් තේ කිලෝවක් සඳහා වන මිල රුපියල් 1,022.69ක් (ඇ.ඩො. 3.42ක්) සහ උස් වගා බිම් තේ කිලෝවක් සඳහා වන මිල රුපියල් 1,083.91ක් (ඇ.ඩො. 3.62ක්) ලෙසත් සටහන්ව තිබෙන බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි.

