‘ලක්ෂෙට කොඩිය දාන්න සිය දෙනෙකුට වරම්’ යන තේමාව මුල් කරගනිමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වාදෙන අලුත්ම ලොතරැයි ටිකට්පත ‘ලක්ෂපති’ නිල වශයෙන් නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩල මූලස්ථානයේ දී අද (18) සිදු කැරිණි.
ලක්ෂපති ලොතරැයියේ ප්‍රථම ටිකට්පත් තොගය කොළඹ අලෙවි නයෝජිත කේ. නිමල්සිරි මහතාට අලෙවි කෙරුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා විසිනි. උප සභාපති සීතා විමලසේන, සාමාන්‍යාධිකාරි සමන් ජයසිංහ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අංක 03ක් පමණක් දිනුම් අදින මෙම ටිකට්පතෙහි එක් අංකයක් ගැලපීමෙන් රුපියල් 20 ක්ද, අංක 02ක් ගැලපීමෙන් රුපියල් 200 ක් ද, අංක තුනම ගැලපීමෙන් රුපියල් ලක්ෂයක් ද දිනාගත හැකි බව මණ්ඩලය කියයි.

