ලංකා ටයිල්ස් නව ප්‍රදර්ශනාගාරය බොරැල්ලේදී විවෘත කරයි



ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන ලංකා ටයිල්ස් විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය ඉකුත් 7 වැනිදා බොරැල්ල දී අභිමානයෙන් යුතුව විවෘත කරන ලදී. පනස් වසරක විශිෂ්ටත්වය, නව්‍යකරණය සමග මුසුවූ අභිමානවත් ගමන්මගක තවත් සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනාගාරය, බොරැල්ල අවට නාගරික අවකාශ සොඳුරු නවාතැන් බවට පත් කිරීමට අවස්ථාව සලසයි.

කොළඹ 08, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ අංක 85 හි පිහිටා ඇති මෙම නව ප්‍රදර්ශනාගාරය නිවාස හිමියන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන්ට ලංකා ටයිල්ස් හි තත්වයෙන් උසස්, නවතම ප්‍රවණතාවලට අනුව නිර්මාණය වූ LankaTiles Majestica - Large format Tiles, Premium Double Fired Wall Tiles ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක ටයිල්, COLOMA බාත්වෙයාර් සහ උපාංගවලින් අනූන තෝතැන්නකි. අපේම රටේ අමුද්‍රව්‍ය සහ නිර්මාණ ශිල්පීන්ගේ දැනුම යොදාගෙන නිර්මාණය කර ඇති Mosaics සහ Pool Tiles එකතුව, ප්‍රදර්ශනාගාරයේ තවත් සුවිශේෂී අංගයක් ලෙස කැපී පෙනෙයි. ලංකා ටයිල්ස් ලංකාවේ එකම Mosaics සහ Pool Tiles නිෂ්පාදකයා වෙයි.

ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස වරලත් ගෘහ නිර්මාණ ශිල්පී රසල් දන්දෙණිය මහතා ද, ලංකා ටයිල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා ද, ගෘහ නිර්මාණ, ඉදිකිරීම් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සමන්විත ආරාධිත අමුත්තෝ ද සහභාගී වූහ.

මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, බොරැල්ල අවට නාගරික කොරිඩෝව හා සම්බන්ධ වීමට ලංකා ටයිල්ස් ගත් උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දිය හැක. 

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ලංකා ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙසේ පැවසුවේය.

“බොරැල්ල අපගේ 60 වැනි ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, සුවිශේෂී නාගරික මධ්‍යස්ථානයක ජීවත්වන අපගේ වටිනා පාරිභෝගිකයන්ට උසස් ටයිල්, බාත්වෙයාර් සහ උපාංග සමීප කිරීමේ ගමනේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. නවීන වූ නාගරික ජීවිතය හා සංවර්ධන කලාපයක් ලෙස අඛණ්ඩව පරිණාමය වන බොරැල්ල නගරයට අපගේ නිෂ්පාදන තවදුරටත් සමීප කිරීමට ලැබීම අප ලද සුවිශේෂී අවස්ථාවකි.”