
ජයග්‍රහණයේ අභිමානය, නවෝත්පාදනය සහ නොසැලෙන සාමූහික එකමුතුව පෙරදැරි කරගනිමින්, රොසෙල් සංවිධානය කළ ‘Imperium 2026’ 2026’ වාර්ෂික අලෙවි සමුළුව සහ විශිෂ්ටතා සම්මාන උළෙල, පසුගියදා කොළඹ Cinnamon Life හි Lumina උත්සව ශාලාවේදී පැවැත්විණි.
දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් රොසෙල් අලෙවි නියෝජිතයන් එකම වහලක් යටට එක්වූ මෙම සුවිශේෂී ව්‍යාපාරික මුලපිරීම, සමාගම පසුගිය කාලසීමාව තුළ සනිටුහන් කළ සන්ධිස්ථානීය ජයග්‍රහණ සැමරීමටත්, වෘත්තීය දැනුම හුවමාරු කරගනිමින් ව්‍යාපාරයේ අනාගත ගමන් මග දෙස සුබවාදීව බැලීමටත් කදිම වේදිකාවක් නිර්මාණය කළේය.
පසුගිය වසර කිහිපය පුරා රොසෙල් අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සිහිපත් කෙරුණු අතර, මෙතෙක් පැමිණි ගමන් මග පිටුපස පැවතියේ සමස්ත කණ්ඩායමේම නොසැලෙන කැපවීම සහ සාමූහික ප්‍රයත්නය බව අවධාරණය කෙරිණි. එහිදී සභාව ඇමතූ අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ තරණ තෝරදෙණිය මහතා, සමාගමේ ඉදිරි ව්‍යාපාරික උපායමාර්ග සහ වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත නව නිෂ්පාදන ක්‍රියාවලි පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින්, අනාගතයේදී උදාවන නව අවස්ථා පිළිබඳව පැහැදිලි ආයතනික දැක්මක් ඉදිරිපත් කළේය.
මෙම සමුළුවේ වඩාත්ම ආකර්ෂණීය අංගය වූයේ විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයයි. ඉහළම අලෙවි කාර්යසාධනයක් ප්‍රදර්ශනය කරමින් සමාගමේ ප්‍රගතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ දක්ෂතම සේවකයන්, ප්‍රදර්ශනාගාර සහ ප්‍රාදේශීය අලෙවි කණ්ඩායම් ඇගයීමට ලක් කරමින් මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි.

