
නව අංගනයේ ඉලක්කය වන්නේ ප්‍රධාන වශයෙන් ලංකාවේ දකුණු ප්‍රදේශයට සේවා සැපයීමයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) පරිශ්‍රය තුළ, අවශ්‍යතාව අනුව ඉදිකරන ලද විශේෂිත බහාලුම් බඩුතොග පරීක්ෂණ අංගනයක් ස්ථාපිත කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), රැන්ක් කන්ටේනර් ටර්මිනල්ස් පෙද්ගලික සමාගම (RCT) සමග අත්වැල් බැඳගෙන ඇත.
නව අංගනය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා හසුරුවන සියලුම දේශීය ආනයන හා අපනයන බහාලුම් සඳහා සංකේන්ද්‍රිය පරීක්ෂණ ස්ථානයක් ලෙස ක්‍රියා කරමින්, ශ්‍රී ලංකාවේ දකුණු පළාත සඳහා ප්‍රධාන සැපයුම් දොරටුවක් ලෙස වරායේ කාර්යභාරය තවත් ශක්තිමත් කරනු ඇත. රුපියල් බිලියන 1 ක මෙම ව්‍යාපෘතිය මෙහෙයුම් කාර්යක්ෂමතාව, නියාමන අනුකූලතාව සහ වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ ඇති කැපවීම පිළිබිඹු කරයි.
ශ්‍රී ලංකා රේගුව සහ බහාලුම් පරීක්ෂාවට සම්බන්ධ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමග සමීප සහයෝගයෙන්, RCT සමාගම නවීන තාක්ෂණ සහ යටිතල පහසුකම් අනුකලනය කිරීමට කටයුතු කරනු ඇත.
නව අංගනයට මුල්ගල් තැබීමේ උත්සවයට රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ද සහභාගී විය.
”නව අංගනයේ ඉලක්කය වන්නේ, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට සේවා සැපයීමයි.
කොළඹ වරාය මුහුණ දෙමින් සිටින අතිරික්ත සැපයුම් පීඩනය අඩු කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට බහාලුම් බඩුතොග පරීක්ෂා කිරීමේ කාර්යක්ෂම විකල්පයක් ලබා දීම අපගේ අරමුණයි,” RCT හි සභාපති රවී විජේරත්න මහතා පැවසීය.
“හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා අපගේ මුල් ප්‍රධාන සැලැස්මට, බහාලුම් අංගනය විශාල කිරීම ඇතුළත්,” යැයි HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසයි.

