රැපියල් මිලියන 791.1ක සෞඛ්‍ය කොන්ත්‍රාත්තුවක් ABC Pharma සමාගමට


නිමල කොඩිතුවක්කු
ඩේස්ෆෙරිඔක්සමින් මෙසිලේට් එන්නක් බීපී මිලිග්‍රෑම් 500න් (500mg) වයල් 540,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රුධිර පාරවිලයනය කරන රක්තහීනතාවෙන් පෙළෙන හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස් ෆෙරි ඔක් සමින් මෙසිලේට් ඖෂධයෙන් වයල් 540,000 ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් දෙදෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මතපදනමට සාරානුකුල ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ ABC Pharma Services (Pvt) Ltd. (Manufacturer: Gland Pharma Limited, India) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 791.1ක මුදලකට, එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදි.