යුරෝපා සංචාරකයන් ලංකාවට බැල්ම හෙළයි


ශීත ඍතුවේදී මාලදිවයිනට එන යුරෝපා සංචාරකයින් ශ්‍රී ලංකාවට ද ගෙන්වා   ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මාලදිවයින සමග සාකච්ඡා පවත්වයි.

සෑම වසරක් අවසානයේදීම විශාල යුරෝපීය සංචාරකයින් පිරිසක් මාලදිවයින වෙත පැමිණෙන අතර එම සංචාර අතුරතුර ඔවුන් ශ්‍රී ලංකාව වෙත ද ගෙන්වා ගැනීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනය වෙත සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා මේ වන විට විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ද නිර්මාණය කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටී.