
- ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ සංඛ්‍යාව 64150 ක්. විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ සංඛ්‍යාව 36 263 ක්
- වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියාවලට. එම සංඛ්‍යාව 25672 ක්
- ලියාපදිංචි වී ඇති කාන්තාවන් ගණන 39 496ක්. පිරිමි ගණන 60917 ක්
නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මේ වසරේ මේ දක්වා කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100, 413 ක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ සංඛ්‍යාව 64150 ක් වන අතර. විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ සංඛ්‍යාව 36 263 කි.
මේ අතරට කාන්තාවන් 39496 ද පිරිමින් 60917 ක් ද ඇතුලත් වේ.
වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම සංඛ්‍යාව 25672 කි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්, කටාර් රාජ්‍ය සඳහා 14162 ක් ද, සවුදි අරාබිය සඳහා 12625 ක්ද පිටත්ව ගොස් තිබේ.
මීට අමතරව ජපන් රැකියා සදහා 4212 ක් ද ඊශ්‍රායලයට 3395 ක් ද දකුණු කොරියාවට 2036 ක් ද ලියාපදිංචි වී පිටත්ව ගොස් තිබේ.
සෙසු පිරිස අනෙකුත් රටවල් සදහා ලියාපදිංචි වී විදේශ ගත වී ඇති බවද එම කාර්යාංශය පවසයි.
මේ වසරේ දී 340 000 ක පිරිසක් විදේශ ගත කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවදුරටත් පවසයි.

