- 2025 වසරට සාපේක්ෂව සියයට 11.9 ක අඩුවිමක්
මේ වසරේ මැයි මාසයේදී සංචාරක කර්මාන්තය හරහා හිමි වූ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 155.7 ක් ලෙස සටහන්ව තිබේ. මැයි මාසයේ පැමිණි සංචාරකයන් 145,745 කින් මෙම ආදායම හිමිව තිබේ. කෙසේ වෙතත් මෙය 2025 මැයි මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 164.1 හා සැසඳීමේදී සියයට 5.1ක අඩුවීමකි. එම වසරේදී සංචාරකයන් 132,919 දෙනකු පැමිණ තිබේ.
ඒ අනුව 2025 වසරට සාපේක්ෂව 2026 මැයි මාසයේදී සංචාරක පැමිණිම්හි යම් වැඩිවීමක් පෙන්නුම් කළද ආදායමේ අඩුවීමක් සටහන්ව තිබේ.
මේ අතර ජනවාරි සිට මැයි මාසය දක්වා වූ මුල් මාස පහේදී මෙරටට පැමිණි සංචාරකයන් 1,022,022ක් හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,360ක් ලෙස සටහන්ව ඇති අතර, මෙය 2025 වසරේ මුල් මාස පහේදී සංචාරකයන් 1,029,803 කගෙන් හිමි වූ ඩොලර් මිලියන 1,543 ක ආදායම හා සැසඳීමේදී සියයට 11.9 ක අඩුවීමකි.
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2026 ජූනි මාසයේ මුල් දින 18 තුළ සංචාරකයන් 69,584 දෙනකු පැමිණ ඇති අතර, ඒ අනුව 2026 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,091,606ක් දක්වා ඉහළ ගොස් තිබේ.

