මුල් දින 19 ට සංචාරකයෝ 1,53,761ක්



නිමල කොඩිතුවක්කු


වසරේ මුල් දින 19 තුළ විදෙස් සංචාරකයන් ලක්ෂ එකහමාරකට කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 153, 761 ක් බව එම අධිකාරිය සඳහන් කරයි. මෙරටට පැමිණි සංචාරකයන් වැඩි දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 27166කි.