පිටකොටුවේ මැනිං වෙළඳ පොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අත්තිවාරම ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙනියන්නේ බස්නාහිර ප්‍රදේශයේ මහනගර සංවර්ධන සැලැස්ම යටතේය.
පෑලියගොඩ ගොඩ නැගිලි ඉදි කළ හැකි වන පිරිදි ඉඩම් සංවර්ධන කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

