මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය ඉකුත් 24,25,26 තෙදින තුළ මුත්‍රවේලි ක්‍රීඩාංගණයේ දී පැවති 15වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සදහා සහභාගී විය. ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වූ අතර, එයට 73,000 කට අධික පිරිසක් සහභාගී වූහ.
මාර්ක්ස්පෙන් ලේබල්ස් සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම, මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය යටතේ පවතින කැපීපෙනෙන සමාගම් ද්විත්වයකි. මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම ‘Smart Agriculture’ සංකල්පය හරහා ඉදිරිපත් කරනු ලබන DOMA CTP 20 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයට 15 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී සුවිශේෂ ස්ථානයක් හිමිවිය. DOMA CTP 20 යන්ත්‍රය, විදුලි පිරිවැය අඩු කරමින් ගල් වැලි සියයට 100ක් ඉවත් කර පැයකට වී කිලෝ 1000ක් සහල් බවට පත් කරනු ලබයි. දිනකට පැය 16ක් පමණ යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියා කරන අතර, DOMA CTP 20 යන්ත්‍රය භාවිතයෙන් කාර්යක්ෂමව කෙටි කාලයක් තුළ වැඩි ක්‍රියාකාරීත්වයක් ලබා ගත හැකි වීම සුවිශේෂ වේ.
මෙහිදී වඩාත් කැපීපෙනෙන කරුණක් වන්නේ, මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය මෙතෙක් වෙළෙඳපොළට හදුන්වා නොදුන් උසස් ප්‍රමිතියෙන් යුතු යන්ත්‍ර සූත්‍ර සහ නව්‍ය විසඳුම් රැසක් වෙළෙඳ ප්‍රදර්ශනයට එක් කර තිබීමය. එය පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමට සහ අවධානයට හේතු විය. වෙළෙඳ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති අමිල් ගල්අංග මහතා පවසා සිටියේ, “15 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාවගෙන් අපට සුවිශේෂ ප්‍රතිචාරයක් ලැබුණු අතර, මාර්ක්ස්පෙන් සමාගමේ යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සැලකීමේ දී, උතුරු පළාතේ ජනතාව මාර්ක්ස්පෙන් සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය නැවතත් තහවුරු කර ගැනීමට හැකි වුණා” යන්නය.
15 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ 192, 193 සහ 194 වෙළෙඳ කුටි තුළ මාර්ක්ස්පෙන් ලේබල්ස් සමාගමෙහි නිෂ්පාදන ඇතුළුව මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය විසින් පිරිනමනු ලබන උසස් තත්වයේ උපකරණ සහ නව්‍ය විසඳුම් රාශියක් ඉදිරිපත් කරන ලදී. ඒ අතර මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර (POS Terminals, Barcode Labels, Printing Ribbons" POS Printers Barcode Scanners) ඇතුළත් විය.