හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම ව්‍යවසායකයින්ට සම්මාන පිරිනැමේ. සම්මාන ප්‍රධානෝත්සවය හම්බන්තොට සිංගප්පූරු ප්‍රජා සේවා මධ්‍යස්ථානයේ දී හිටපු කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය 12 වන වරටත් මෙම සම්මාන උළෙල විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි.
සම්මාන උළලේ 2015 වසරේ විශිෂ්ටතම ව්‍යවසායක ලෙස ප්ලැටිනම් සම්මානය හම්බන්තොට දුමිඳු ලුණු කර්මාන්තය හිමි එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ එම්.චමින්ද මහතාට හිමිවිය.
එහි රන් සම්මාන ලාභීන් ලෙස ලුණම වෙලිදිසි මිල්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිහල් ඩබ්. ගුණසේකර, තිස්සමහාරාමය ෂෙල්විෂ් මෝටර් හිමිකරු එල්.බී. ඩබ්.සුජිත් රෝහිත, තිස්සමහාරාමය තරංග ස්ටුඩියෝ හිමිකරු ඩී.බී.ටී.ද සිල්වා යන මහත්වරු සම්මාන ලැබූහ.
රිදී සම්මාන ලාභීන් ලෙස අම්බලන්තොට වීරසිංහ හාඩ්වෙයාර් හිමිකරු එන්.ඩබ්.කුලතුංග , කිරම අශෝක කර්මාන්තශාලා හිමි නිහාල් අශෝක එගොඩගේ, තිස්සමහාරාම අජිත් සපාරි ජීප් ටුවර් හිමිකරු ඒ.පී අජිත් ප්‍රියන්ත යන මහත්වරු සම්මාන ලැබූහ.
ලෝකඩ සම්මානලාභීන් ලෙස තිස්සමහාරාම සම්පත් ඒජන්සිස් සමාගම හිමි බී.ජී සම්පත් නිශාන්ත, වලස්මුල්ල තරුෂි ඇපරල් හිමි කරු සුසන්ත ද සිල්වා, බෙලි අත්ත මයික්‍රෝ ඇග්‍රො පුද්. හිමි කේ.කේ.පී සමන් කුමාර පන්නෙගමුව ජගත් පුට්සිටි හිමි ජගත් නිශාන්ත යන මහත්වරු සම්මාන ලැබූහ.
වසරේ විශිෂ්ඨතම කාන්තා ව්‍යවසායිකාවන් ලෙස මෙවර රන් සම්මාන තිස්සමහාරාමය ෂෙල්විස් පේන්ට් හවුස් හිමිකාරිනි ඩබ්. එම් ශ්‍රියාණි, මහත්මියට හිමිවූ අතර එහි රිදී සම්මානය රන්න මලිති ෆැෂන් හිමිකාරිනි යූ.ජේ.මාලතී ප්‍රියංගිකා, ට හිමිවිය. තිස්සමහාරාමය තරංග බියුටි සැලුන් හිමි පි.එච් යසන්ති නිමාලිකා ද සිල්වා මහත්මියට ලෝකඩ සම්මානය හිමිවූවාය.
වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා ලෙස රන් සම්මානය තිස්සමහාරාමය රුහුණු සපාරී සමාගමේ අධ්‍යක්ෂ ඉසුරු උද්දීප මහතාට හිමි වූ අතර රිදී සම්මානය මිද්දෙණිය රුහුණු පෝන් ෂොප් හිමි ආර්.පි.කේ රාමසිංහ මහතාට හිමිවිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජීය වගකීම් දරණ විශිෂ්ටතම ව්‍යවසායක රන් සම්මානය ලුණම වෙල්දිස් සමූහ ව්‍යාපාර අධිපති නිහාල් ඩබ්. ගුණසේකර මහතාට හිමි වූ අතර, රිදී සම්මානය කිරම අශෝක ඉන්ඩ්‍රස්ටීස් හිමි නිහාල්අශෝක එගොඩගේ මහතාට හිමිවිය.

![DSC01181[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC011811.jpg)
![palateena_sammanaya[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/palateena_sammanaya1.jpg)
![ran_kantha[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/ran_kantha1.jpg)
![ran_sammanaya[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/ran_sammanaya1.jpg)
![sammanalabeen[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/sammanalabeen1.jpg)
