ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නානායක්කාර අර්ත් මුවර්ස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා නානායක්කාර මහතා තම ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 160ක් වැයකර මහින්ද විදුහලට ඉදිකර දුන් තෙමහල් ගොඩනැගිල්ල ජූලි 2 වැනිදා පෙරවරු 9 ට සිසු අයිතියට පත්කිරීමට නියමිතය.
තම පියා සිහිවීම පිණිස ඩී.පී.නානායක්කාර අනුස්මරණ ප්‍රාසාදය ලෙස එම ගොඩනැගිල්ල නම් කර ඇති අතර එය රාජා නානායක්කාර මහතාගේ මව වන එන්.නානායක්කාර මහත්මියගේ සුරතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.






