බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමේ අරමුණින්, ඔවුන්ට සියයට 3ක අවම පොලි අනුපාතයකට ණය පිරිනැමීම සඳහා මහජන බැංකුව සහ බස්නාහිර පළාත් සභාව අත්වැල් බැඳගනී. මෙම සඳහා වන ගිවිසුම අත්සන් කිරීම බත්තරමුල්ල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි.
මේ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, ප්‍රධාන ලේකම් කේ.ජී.පී. පුෂ්පකුමාර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) සේනක පී. සිල්වා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරි (සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) නලිකා ලියනගේ යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
දේශීය ව්‍යවසායකයන්ට සහාය වෙමින් බස්නාහිර පළාතේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම මෙම ණය යෝජනා ක්‍රමයේ මූලික අරමුණු අතර වේ.

