මහජන බැංකුව තෛපොංගල් උත්සවය සමරයි




තෛපොංගල් උත්සවය වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප‍්‍රධාන සැමරුම් උත්සව කොටහේන සහ පිටකොටුව ශාඛාවලදී මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජා පැවති අතර, මෙම අවස්ථාවලට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සමාජික සමාජිකාවන් සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

මීට සමගාමිව හින්දු ජනතාව බහුලව වෙසෙන ප‍්‍රදේශවල මහජන බැංකු ශාඛා මෙදින විවෘතව තැබිණි.