ශ්‍රී ලාංකිය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නව මං සලකුණක් සටහන් කරමින් ඇරඹි මහජන බැංකුව, සිය 65 වැනි සංවත්සරය ජූලි මස 01 වැනි දින සමරයි. ආරම්භයේ සිටම සාමාන්‍ය පොදු ජනතාවට බැංකුකරණය හුරු කළ මහජන බැංකුව, මෙරට ආර්ථික සමාජ ප්‍රගතියටද අඛණ්ඩ දායකත්වයක් ලබාදුන් අතර, මේ වන විට ඩිජිටල් මූල්‍ය සේවා මෙරට ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරමින් ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ මුළු ජාතියටම ගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක නිරතව සිටී.
වර්තමානය වන විට මහජන බැංකුවේ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.7කට අධිකය. දිවයින පුරා පිහිටා ඇති ශාඛා හා සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව 745ක් වන අතර, 8100කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 300කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක (SBU) වලින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 15.2කට අධික වන අතර, එය මෙරට වාණිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
එමෙන්ම පසුගිය වසරේදි ‘People’s Tower’ මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල කොළඹ 02, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ, අංක 374 දරණ ස්ථානයේදී විවෘත කරන ලදී. මෙම නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම මෙරට බැංකු හා මූල්‍ය ඉතිහාසයේ සුවිශේෂ මං සලකුණකි. බැංකුවේ මෙන්ම දේශයේ ආර්ථික වර්ධනය මින් මනාව නිරූපණය වන අතර, මහජන බැංකුවෙන් රටට සහ ජනතාවට ලබා දෙන සේවය මේ තුළින් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සැලසේ.
ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවන ලදී. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර සමූපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ටී. බී. ඉලංගරත්න ශ්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමුපකාර ක්ෂේත්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.
ඉංග්‍රීසි උගත් ඇති හැකි ෙපළැන්තියට පමණක් සීමාවී තිබුණු බැංකු ක්‍රමයේ සීමා වළලු දෙදරා යෑමට මුලපිරුණේ මහජන බැංකුවේ ආරම්භයයි. එහි ප්‍රතිඑලයක් ලෙස සිංහල හා දෙමළ භාෂාවෙන් වැඩ කිරීම ආරම්භ කළ ප්‍රථම බැංකුව බවට පත්වීමට මහජන බැංකුවට හැකි විය.
සාමාන්‍ය ජනතාව ඉතුරුම් සඳහා දිරිමත් කිරීමට ද, ඒ සමගම රන් භාණ්ඩ උකස් සේවා කටයුතුවලට ද මහජන බැංකුව 1961 දී අවතීර්ණ විය. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සහිත සාධාරණ පොලී අනුපාත අනුව රන් භාණ්ඩ උකස් සේවාව ක්‍රියාත්මක වීම නිසා එතෙක් අවිධිමත්ව තිබූ රන් භාණ්ඩ උකස් වෙළෙඳපොළ විධිමත් විය.
විවිධ වයස් කාණ්ඩවලට හා විවිධ ක්ෂේත්‍රවල නියැලෙන ගනුදෙනුකාර භවතුන්ට ගැළපෙන පරිදි සන්නාම නාමගත කරන ගිණුම් හඳුන්වා දීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ. විවිධ ණය යෝජනා ක්‍රම දියත් කරමින් තම ගනුදෙනුකරුවන් වෙත උසස් ජීවන තත්වයක් ලබාදීමට මෙන්ම ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිය ලබාදීමට ද මහජන බැංකුව ක්‍රියා කරයි.
වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවතී මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා ද කර ඇති මෙහෙවරද සුළු පටු නොවේ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැටපස් වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගී, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍ර සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුවිශාලය.
එමෙන්ම මහජන බැංකුව, නව ලොවට ගැළපෙන පරිදි සිය ගනුදෙනුකාර භවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් 2015 වසරේදී ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිෙයන් ඩිජිටල් ගිණුම් විවෘත කිරීමේ පහසුකම, ජංගම දුරකතන යෙදවුම්, ඩිජිටල් ණය උත්පාදන පද්ධති, අන්තර්ජාල බැංකු පහසුකම්, Digital Wallet යෙදවුම් හඳුන්වා දී ඇත. මේ වන විට මහජන බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 4කට අධික වන අතර, මේ වන විට මහජන බැංකුවේ ගනුදෙනු සියයට 80 කට අධික ප්‍රමාණයක් සිදුවන්නේ ඩිජිටල් නාලිකා ඔස්සේය. එමෙන්ම පැය 24 පුරාම සහාය සපයන කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගත් ‘Peoplezs Zen’ චැට්බෝට් පහසුකමද මහජන බැංකුව පිරිනමයි.
එමෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් පිරිනැමීමෙන් නොනැවතී සිය ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමටද මහජන බැංකුව නිරතුරුව පියවර ගනී. මේ වන විට මහජන බැංකුවේ සියලුම සමාජ සත්කාරක ව්‍යාපෘති ‘මහජන මෙහෙවර’ යන සන්නාමය යටතේ දියත් වන අතර, ඒ තුළින් අධ්‍යාපනික, ආගමික, සෞඛ්‍යය ආදී විවිධ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා මෙහෙවරක නියැලේ. එමෙන්ම සිය 65 වැනි සංවත්සරයට සමගාමීව දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා මහජන බැංකුව රජයේ Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.
මහජන බැංකුවේ විශිෂ්ටත්වය නිරතුරුවම දෙස් විදෙස් සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන, Lankapay Technovation, Best Management Practices Company Awards, AICPA & CIMA - JXG Pinnacle Awards, National Business Excellence Awards සම්මාන වැනි දේශීය සම්මාන මෙන්ම තවත් අන්තර්ජාතික සම්මාන ගණනාවක් හිමි කරගෙන තිබේ. විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළදී පමණක් Asian Banker, Asia Money, World Finance, The European, Global Banking & Finance Awards, Global Banking & Finance Review magazine in UK, Euromoney Awards for Excellence ආදී සම්මාන උළෙල රැසකදීම මහජන බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත.

