පළමු හරස්වීදියේ Delta Impex Company හි ව්‍යාපාරික වේලුපිල්ලේ ජෙයරාජ්

වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්නටත් යා යුත්තේ කොළඹ කොටුවට යන්න පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටමය. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය.
නව වසරක ආරම්භයත් සමග මේ දිනවල වෙළෙඳාමේ තතු සොයා බැලීමට ගිය ගමනේ දී අප ගොඩවැදුණේ පළමු හරස්වීදියේ Delta Impex Company වෙළෙඳසල වෙතටයි. එහිදී එහි ව්‍යාපාරික වේලුපිල්ලේ ජෙයරාජ් මහතා වෙළෙඳාම් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
විදුලි බල්බ, කේබල් සහ විදුලි උපාංග වර්ග තමයි අපි බිස්නස් කරන්නේ. තොග සහ සිල්ලර කියන දෙඅංශයෙන්ම උපාංග මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ගිය වසරට සාපේක්ෂව මේ වසර ගත්තහම බිස්නස්වල යම් අඩුවීමක් තියෙනවා. සංඛ්‍යාත්මක අගයකින් කියන්න බැරි වුණත් බිස්නස් පහත වැටීමක් පෙන්නුම් කරනවා.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මේ දිනවල බිස්නස් ගැන කිවුවොත් භාණ්ඩවල මිල වැඩිවීමවත්, පාරිභෝගිකයෝ අතේ මුදල් නොමැතිවීම නෙමෙයි බිස්නස් අඩු වෙන්න බලපෑවේ. පසුගිය මාස දෙක තුළ රටක් වශයෙන් මුහුණදීමට සිදුවුණ ආපදා තත්වයත් එකක් මෙදා සැරේ සීසන් එකේ බිස්නස් හොඳටම අඩු වුණා. ඒක තමයි බිස්නස් අඩු වෙන්න මූලිකවම බලපෑවේ.
සාමාන්‍යයෙන් දුර පළාත්වල ව්‍යාපාරිකයන් නොවැම්බර් අග සතියේ වගේ ඇවිත් සීසන් එකට අවශ්‍ය කරන බඩු අරගෙන යන්නේ. මෙදා සැරේ ආපදා එක්ක මාර්ගවලට දැඩි හානි සිදුවීමත් මාර්ග අවහිරවීමත් එක්ක ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන භාණ්ඩ ගන්නත් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන භාණ්ඩ මිලදී ගන්න නොහැකි වුණා.
ආපදා එක්ක රටේ ජනතාවගේ දේපළවලට දැඩි හානි සිදුවීමත් එක්ක ඔවුන් නැවත ගොඩනැගෙන විදිහ කල්පනා කරනවා මිසක සැමරුමක් කරන්න හිතන්නේ නැහැ. ඒ වගේම කිසිම විපතක් නොවුණ කෙනකු වුණත් මේ වතාවේ නත්තල් සමරන්න, අලුත් අවුරුද්ද සමරන්න වියදම් කරන සල්ලිවලින් වැඩි ප්‍රමාණයක් අවතැන් පිරිස වෙනුවෙන් යොදවන්න තමයි උත්සාහ කළේ. එනිසා පසුගිය සීසන් එකේ වගේම මේ දිනවලත් බිස්නස්වල අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි


