පෞද්ගලික අංශයට අවස්ථාවක්


නොබෝදා හමා ගිය සුළි සුළඟ නැවත වරක් ශ්‍රී ලංකාවේ භෞතික යටිතල පහසුකම් ආයතනික පූර්ව සූදානම හා සමාජීය ආරක්ෂණ ක්‍රම දරුණු හානිවලට නිරාවරණය කර තිබේ. ප්‍රජාවන් තම නිවාස යළි ඉදිකිරීමට දිවි පැවැත්ම නැවත ස්ථාපිත කර ගැනීමට හා ස්ථාවරභාවය යළි අත්කර ගැනීමට අරගලයක යෙදී සිටිය දී එහි පවතින අභියෝගය රජය සමඟ බැඳි රෙගුලාසි, ප්‍රසම්පාදන නීති, නිලධාරිවාදී ක්‍රියා දාමයන් ආදිය ඉක්මවා යන ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය යුත්තක් බව පෙනී යයි. එසේ වුව ජාතික ආපදා පවතින මේ මොහොතේ පෞද්ගලික අංශයට නායකත්වය ජව සම්පන්න බව සහ අරමුණු සහගත බව සමඟ ඉදිරියට පැමිණීමට ප්‍රබල අවස්ථාවක් ඉස්මතු වී ඇත. 


පෞද්ගලික අංශයේ නායකත්වය 
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය සීමා වී තිබෙන දැඩි කාර්ය පටිපාටිවලින් සීමා පැනවී නොමැත. කළමනාකරණ පිළිබඳ අද්වීතිය විශේෂඥ දැනුම, ශීඝ්‍ර තීරණ ගැනීමේ ව්‍යුහයන් ප්‍රාග්ධනය ලබා ගැනීමේ අවකාශ සහ රටේ හොඳම වෘත්තිය දක්ෂතා ඊට අයත්ව තිබේ. ජාතික අර්බුද අවස්ථාව ලැදී මෙම ශක්තිය නැතිවම බැරි ශක්තීන් බවට පත් වේ. සුළි සුළඟින් ඇති වූ විනාශය හුදෙක් මානුෂීය හදිසි අවස්ථා තත්වයක්ම නොවන අතර එය ආයතනික පරිනතභාවය පිළිබඳ පරීක්ෂාවකි. එය පෞද්ගලික අංශයට වාණිජ ප්‍රමුඛතා වලින් ඔබ්බෙන් නැගී සිට ජාතිය යථා තත්වයට පත් කිරීමේලා පුළුල් කාර්යභාරයක් ඉටු කරන්නට කැඳවනු ලබන අවස්ථාවකි. 


ලංකා වාණිජ මණ්ඩලයේ කාර්යභාරය 
රටේ පැරණිතම සහ ගෞරවයට පාත්‍ර ව්‍යාපාර ආයතනය වූ ලංකා වාණිජ මණ්ඩලය මෙම වෑයම සම්බන්ධීකරණය ඉදිරියට ගෙන යෑමේ හැකියාව අතින් අද්විතීය ස්ථානයක පසුවේ. නිසි දක්ෂතා ඇති සභාපතිවරයකුගේ මෙහෙය වීම යටතේ පවතින වාණිජ මණ්ඩලය සතුව විශ්වාසවන්තභාවය ජාල රටාව සහ සංවිධාන හැකියාව ඒකාබද්ධ පෞද්ගලික අංශයේ ප්‍රතිචාරයට නායකත්වය දීමට ප්‍රමාණවත් ලෙස පවතින්නේය. ශ්‍රී ලංකාවේ මීට පෙර මෙම කාර්ය ඉටුකර තිබේ. යුද්ධය උච්ඡතම අවස්ථාවේ පැවති අවස්ථාවේ මහේන්ද්‍ර අමරසූරිය ඒකාබද්ධ ව්‍යාපාර සංසදයේ නායකත්වය දරන සමයේ ජාතික මට්ටමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධීකරණයන්හිදී පෞද්ගලික අංශය ප්‍රබල නායකත්ව ගුණාංග ප්‍රදර්ශනය කළේය. එයින් කර්මාන්ත හා මානව සම්පත් විධිමත් භාවිතය තහවුරු කර අතිශය අසීරු තත්වයන් යටතේ ආර්ථික ක්‍රියාකාරකම් තිරසර ලෙස පවත්වා ගැනීමට උපකාර කරනු ලැබුයේය. ශ්‍රී ලංකාවේ. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මා සභාපති ධූරය දරන කාලයේ කෝවිඩ් වසංගත ලොක් ඩවුන් සමයේ එවකට ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්ද සාමි සමඟ එක්වී මෙම කමිටුව යළි පණ ගැන්වීමට උත්සාහයක් දැරුවෙමු. අද දවසේ එය නැවත යළි ස්ථාපිත කිරීමටත් කාර්යක්ෂම ලෙස සම්පත් සහ විශේෂඥ දැනුම සම්බන්ධීකරණය කිරීමටත් මහඟු අවස්ථාවක් උදාවී තිබේ. 


අලුත් හදිසි අවස්ථාවක් 
අද දවසේ එවැනි යාන්ත්‍රණයක හදිසි අවශ්‍යතාව නොඅඩුව දැනෙන්නේය. ඒකාබද්ධ ව්‍යාපාර සංසදයක නූතන ස්වරූපයක සංසදයක් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රදාන සම්පාදනයන්, සැපයුම් දාම සහ තාක්ෂණික විශේෂඥ ඥානය සම්බන්ධීකරණය කිරීමේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ හැකිවේ. 
පෞද්ලික සමාගම්වලට අවශ්‍යතා හඳුනා ගැනීමට අනුකාරක මඟ හරවා ගැනීම සම්පත් සංචිතකරණය සහ රජය, හමුදාව බිම් මට්ටමේ හදිසි කටයුතු ආයතන සමඟ සමීපව වැඩ කරමින් මධ්‍යගත වේදිකාවක් ලෙස ක්‍රියා කළ හැකිය. ශීඝ්‍ර සන්නිවේදන මාර්ග සහ අංශික ක්‍රියාකාරී කණ්ඩායම් සමග පෞද්ගලික අංශයට, අත්‍යාවශ්‍ය සේවා නැවත ස්ථාපිත කිරීමට, තනිව පහසුකම් යළි ගොඩනැගීමට සහ හානි වූ දේශීය ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාකයන්ට සහයෝගය දෙමින් උපකාර කළ හැකිය. හදිසි අවස්ථා සහන සේවා වලින් ඔබ්බට යමින් සංසදයට දීර්ඝ කාලීන යළි ගොඩනැගීම්වලට මග පෙන්විය හැකිය.
නිවාස යටිතල පහසුකම් පාසල් සහ වැඩ පොළවල් යළි ඉදිකිරීමේ දී ඉංජිනේරු නිපුණතාවන් ප්‍රසම්පාදන ක්‍රම සහ මූල්‍ය ශක්තිය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකීය ව්‍යාපාරවල සතුව ගැඹුරු අත්දැකීම් පවතී. 
වඩාත් ශක්තිමත් යටිතල පහසුකම් නිර්මාණය කිරීමට ඉදිකිරීම් ප්‍රමිතීන් නවීකරණය කිරීමට සැපයුම් දාමයක් වඩාත් විධිමත් කිරීමට සුළි කුනාටු උත්ප්‍රේරයක් ලෙස ක්‍රියා කෙරේ. නිසි පරිදි මෙහෙයුම් ගතහොත් යටිතල පහසුකම් යළි ගොඩනගා ගැනීමට කල්ගත කරනු වෙනුවට මෙම ඛේදවාචකය ඒවා කඩිනම් කරන්නන් බවට පත් කරගත හැකිය. මෙම මොහොත ඒ සඳහා සංකේතාත්මක වැදගත් කමක් ගෙන එනු ලබයි. 
ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශයට පත් කර දෙවසරක් වත් ඉක්මවා ගොස් නැත. මෙරට තවමත් පූර්ණ වශයෙන් යථා තත්වයට පත්වී නොමැති අතර රාජ්‍ය මූල්‍යකරණයන් තවමත් දැඩි ලෙස සීමාකරණයන්ට ලක්ව පවතී. මෙම තත්වය යටතේ පෞද්ගලික අංශයේ කාර්ය භාරය විකල්පයක් නොව අත්‍යවශ්‍ය වූවකි. විශ්වාසය නැවත ස්ථාපිත කිරීමට අපේකෂාවන් යළි ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාවේ අනාගතය තනිකර රජය මත රැඳී නොපවතින බව ප්‍රදර්ශනය කිරීමේ නිපුණතාවන් ව්‍යාපාරිකයන්ට ඇත. පෞද්ගලික අංශය එම නිසා මෙකී අධිෂ්ඨානයෙන් යුතුව මෙම අභියෝගය හමුවේ නැගී සිට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේ කර්තවයට උර දිය යුතුවේ. සුළි කුනාටුවේ විනාශය වනාහි ක්‍රියාකාරිවීම නායකත්වය දීමට නැවත ගොඩනැගීමට සහ ජාතිය ගොඩනැගිමේදී ව්‍යවසායයන්හි කාර්ය භාරය නැවත නිර්මාණය කිරීමට කරන අභියෝගාත්මක ඇමතීමකි. 
සමාගම් ප්‍රජාව ඉදිරිපත් වී එකමුතුව අරමුණු සහගතව සහ එඩිතරව ඉදිරි පියවර තැබුව හොත් මෙම ඛේදාන්තය වඩාත් ඔරොත්තු දෙන ශක්තියෙන් හෙබි ශ්‍රී ලංකාවක් තැනීමේ ආරම්භය බවට පත් කරගත හැකිය. දිට්වා සුළි කුනාටුව අවසානයේ ශ්‍රී ලංකාව උද්වේගයට පත්කර තිබේ. අවාසනාවකට මේ වන විට 200කට වඩා මියගොස් යටිතල පහසුකම්වලට අනුපමේය හානි පෙළක් සිදු කර තිබේ.


2025 දෙසැම්බර් මස 01 Daily FT හි පළවූ Rising together: The Private sector’s moment ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ