පොසොන් වන්දනාවට පැමිණෙන ජනතාවට සහාය වීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අනුරාධපුරයට


පොසොන් පොහොයට අනුරාධපුරයට වන්දනාවට පැමිණෙන ජනතාවට සහය වීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සමග එක් වී විශේෂ වැඩසටහනක් 2026 ජුනි 28 සිට 30 දක්වා සුදානම්  කර ඇත. 
දශක 3 කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යන මෙම වැඩසටහන මෙවරත් අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවු භාණ්ඩ සොයා දීමට පැය 24 පුරා ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප‍්‍රධාන විමසුම්  මධස්ථානය, පෙත්මග හි ස්ථාපිත කර ඇති අතර උප මධ්‍යස්ථාන හතරක් රුවන්වැලි මහා සෑය, සිංහ කුලුන, මිරිසවැටිය සහ ථූපාරාමය යන පුජා භුමි වල පිහිටුවා ඇත.