පෙර ඇනවුම් වාහනයට සහනයක් ඉල්ලති


වාහන සඳහා ආනයනික බදු වැඩිවීමට පෙර පෞද්ගලිකව වාහනයක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කල අයගෙන් වැඩි කළ බද්ද අය නොකරන්නැයි පෞද්ගලිකව වාහන ආනයනය කර බදු වැඩිවීම නිසා අගතියට පත්වූවන් ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.

තම එකමුතුවේ සාමාජිකයන් ආනයනය කර ඇති සමහර වාහනවල බදු රුපියල් ලක්ෂ 35-40 කින් පමණ වැඩිවී ඇතැයි පෞද්ගලිකව වාහන ආනයනය කර බදු වැඩිවීම නිසා අගතියට පත්වූවන් ගේ එකමුතුවේ කැඳවුම්කරු අමර විජේගුණසේකර මහතා සමාජ හා සාමූහික කේන්ද්‍රයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කලේය.

ණයවර ලිපි විවෘත කොට මෙසේ අසාධාරණයට ලක්වූ වාහන 200 පමණ ඇතැයි විස්වාස කරන බවත් මේ වනවිට එයින් 70 දෙනෙකු තම එකමුතුවට සම්බන්ධ වි ඇති බවත් විජේගූණසේකර මහතා පැවැසීය.

IMG_6186 IMG_6197 IMG_6198 IMG_6199