ප්‍රයිම් ලෑන්ඩ් නවතම ව්‍යාපෘතිය පෙබරවාරි 01 ඇරඹෙයි


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ නවතම ව්‍යාපෘතිය ලබන පෙබරවාරි 01 වැනිදා ආරම්භ කරන බව එම සමාගම පවසයි. 

මීගමුවේදී ඇරඹෙන මෙම ව්‍යාපෘතිය J’AdoreNegombo ලෙස නම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය මුහුදු වෙරළ අද්දර ඉදිකරන සේවා මහල් නිවාස ව්‍යාපෘතියක් ලෙස සැලකෙයි. මෙම නව ව්‍යාපෘතිය සඳහා ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම කර ඇති ආයෝජනය රුපියල් බිලියන 6.3කි. 

මෙය එම සමාගම විසින් සිදුකරන පළමු සේවා මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියද වෙයි. මෙහිදී WhiteTower  සහ EmeraldTower ලෙස ඉදි කෙරෙන මෙම නිවාස සංකීර්ණය සතු සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව 177 කි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී ජීවිතය, නවීනතම පහසුකම් සහ වෙරළ අද්දර ජීවිතයක පවතින වඩාත් නිදහස් සහ සාමකාමී පරිසරය ලබා දෙන බවත් සමාගම පවසයි.