හොල්සිම් සමාගමේ පුත්තලම වැඩ බිමට අවශ්‍ය ගල්අඟුරු, ක්ලින්කර් චීන වාරායෙන් කන්ටේනර් පෙට්ටි වලට පටවා මහව දුම්රිය ගෙනවිත් පුත්තලම කම්හල් වැඩබිමට ට්‍රිපර් රථ හරහා ගෙන ඒමේ වැඩපිළිවෙළක් දුම්රිය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර ගනිමින් පසුගියදා ආරම්භ කැරිණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා , දුම්රිය බලධාරින් හා හොල්සිම් සමාගමේ නිලධාරිහු ඊට සහභාගී වුහ.
ත්‍රිකුණාමලයේ සිට ට්‍රිපර් භාවිතා කරමින් කළ අමුද්‍රව්‍ය ප්‍රවාහනය නතර වෙයි. එම හේතුවෙන් පරිසයට වන හානිය අවම වන බවත් , මාර්ග තද බදය හා අනතුරු අවම වන බවත් හොල්සිම් සමාගම පවසයි.
ගැල් 15 යුක්ත එක් දුම්රියක් දිනකට ගල් අගුරු ටොන් 350 ප්‍රවාහන කරන බවත් ,මෙම භාණ්ඩ ප්‍රවාහනයෙන් මසකට රුපියල් මිලියන 10 ආසන්න මුදලක් දුම්රිය දෙපාර්මේන්තුවට ලැබෙන බවත් ඉදිරියේ දී මෙවැනි සමාගම් සමඟ කටයුතු කිරිමට සැලසුම් කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/021.jpg)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/0811.jpg)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1112.jpg)
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1211.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/131.jpg)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/141.jpg)
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/151.jpg)
