නේෂන්ස් ට්‍රස්ට් රු.බි. 15 ක ණයකරය අද විවෘත කෙරේ


නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් බිලියන 15ක මුදලක් රැස් කර ගැනීම සඳහා කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා අද (19) විවෘත කෙරෙන බව පවසයි.
මෙය බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදුකිරීම සැලසුම වී තිබේ. එසේම මෙම ණයකර, යම් දිනෙක කොටස් බවට පත් කිරීමේ හැකියාව සහිතව (Non-viability Conversion) නිකුත් කෙරේ. 
මේ යටතේ පළමුව ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් ඒ හරහා රුපියල් බිලියන 10ක් රැස් කර ගැනේ. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරෙන අතර, ඒ හරහා තවත් රුපියල් බිලියන 5 ක් රැස් කෙරේ.
A,B සහ C ලෙස කාණ්ඩ කර ඇති මෙම ණයකර නිකුතුව පිළිවෙළින් වසර පහකින්, හතකින් සහ දහයකින් කල් පිරේ. එසේම ඒවාට පිළිවෙළින් සියයට 13.75ක, සියයට 13.85ක සහ 13.95ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් හිමි වෙයි.