2013/14 ජාතික හරිත සම්මාන උළෙලේ දී, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවන්‍ය වෙළෙඳ නාමය වන නේචර්ස් සික්‍රට්ස් නිෂ්පාදනය කර අලෙවි කරන නේචර් බියුටි ක්‍රියෙෂන් සමාගම, ගෞරවාන්විත ජාතික හරිත රන් සම්මානයෙන් තෙවැනි වරටත් පිදුම් ලැබුවේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ජාතික හරිත සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ මහතා සම්මානය භාර ගත්තේය.

