භානුක අමරසිංහ
විදෙස් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා කොටස් තැරැව්කාර සමාගමක් ලෙස ක්‍රියාත්මක බව පවසන “Gladius South Asia” ආයතනය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) බලපත්‍රයක් හිමි කරගත් ආයතනයක් නොවන බව එම කොමිෂන් සභාව මහජනතාව වෙත අවධාරණය කර සිටියි.
විශේෂයෙන්ම එම කොමිෂන් සභාව විදේශීය රටවල ක්‍රියාත්මක වන ආයතන නියාමනය නොකරන අතර, එවැනි ආයතනවලට එම රටවල ක්‍රියා කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමද සිදු නොකරින බවත් පවසයි.
මේ අතර අදාළ “Gladius South Asia” ආයතනය සතුව එක්සත් රාජධානියේ මූල්‍ය මෙහෙයුම් අධිකාරිය (FCA) විසින් ලබාදුන් බලපත්‍රයක් නොමැති බවත්, ඔවුන් එම අධිකාරිය සමගින් ලියාපදිංචි ආයතනයක් නොවන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.

