
කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා සහ ප්‍රයිම් ලෑන්ඩ්ස් හි විධායක අධ්‍යක්ෂිකා ෂෙහානා බ්‍රහ්මණගේ මහත්මිය සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගන්නා අවස්ථාව.
ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස සිහින සැබෑ කිරීමට තවත් අවස්ථාවක් සලසමින් කොමර්ෂල් බැංකුව ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩන්සීස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙහිදී ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලද නිවාස සංකීර්ණ ඒකක හෝ තනි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ට සියයට 100 දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දීමට බැංකුව එකඟ වී ඇත.
නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් සංවර්ධනය කරන ලද දේපළවල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට සංවර්ධකයා, ගැනුම්කරු සහ බැංකුව අතර ඇති කරගනු ලබන ත්‍රෛපාර්ශවිය ගිවිසුම් හරහා බාධාවකින් තොරව කොමර්ෂල් බැංකුවේ නිවාස ණය ලබා ගැනීමට අවකාශය ලබා දී ඇත.
“ප්‍රයිම් ලෑන්ඞ්ස් සහ ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩන්සීස් සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම හරහා අපගේ නිවාස ණය සේවාව පුළුල් කිරීමට අවස්ථාවක් හිමි වන අතර බැංකුවේ මූල්‍ය ශක්තියෙන් සහ ප්‍රයිම් සමූහයේ ඉදිකිරීම්වල ගුණාත්මකභාවයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහින සැබෑ කරනවා.” යනුවෙන් මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ප්‍රයිම් සමූහය වසර 30 කට අධික විශ්වාසය සහ විශිෂ්ටත්වය ගොඩනගමින් 300,000 කට අධික ගනුදෙනුකරුවන් සමඟ ඉදිරියට පැමිණ ඇත. ඉඩම්, නිවාස, මූල්‍ය සහ නිවාස සංකීර්ණ ආශ්‍රිත අනුබද්ධිත සමාගම් වලින් සමන්විත ප්‍රයිම් සමූහය තම සදාහරිත දැක්ම ‘Committed to Creating a Better Place on Earth’ මූලිකත්වයක් දී කටයුතු කරයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපළ ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ.

