
නිව් ඇන්නීස් සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි සහ අධ්‍යක්ෂිකා එස්.එම්. ඩී. මේරි සීතා ලක්ෂ්මි
වර්ෂ 1986දී එමිල් ස්ටැනිලි මහතා සහ ඔහුගේ බිරිඳවන එස්.එම්.ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය හංවැල්ල ප්‍රදේශයේ ඉදිකළ සිය ගොවිපොළේ කුකුළු පැටවුන් 1000ක් සමගින් සිය ව්‍යාපාරය ඇරඹීමේදී ඔවුන් සතුව තිබුණේ එක් සිහිනයක් පමණි. ඒ තමන්ගේ අවට වෙසෙන ජනතාවට උසස් ගුණාත්මක බවින් යුතු සහ සෞඛ්‍යවත් කුකුළු මස් නිෂ්පාදන සැපයීමයි. ඉතා කුඩාවට ආරම්භ වූ ව්‍යාපාරය අද වනවිට රට තුළ දැවැන්ත වෙනෙසකට මුලපිරූ විශිෂ්ට ව්‍යාපාරයක් බවට පත්වී තිබේ.
වසර හතළිහක් ගතවූ තැන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ලංකාවේ සියයට සියයක්ම ප්‍රතිජීවක භාවිතයෙන් තොරව කුකුළු මස් නිෂ්පාදනය කරන එකම සමාගමයි. එමෙන්ම සමාගමේ පාරිභෝගික කේන්ද්‍රී ප්‍රවේශයේ ප්‍රතිඵලයක් ලෙසි හරිතහරි නිෂ්පාදන පෙළ මෙන්ම Crizzpys සහ Frenchys නිෂ්පාදන පෙළ ද, Meatlery අලෙවි ජාලයද,
Dorakadapaliya දිවයින පුරා විහිදුණු නොමිලේ බෙදාහැරීමේ සේවාව ද හඳුන්වාදීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිවිය.
″කුකුළු පැටවුන් 1000ක් සහ ලාංකිකයන්ට වඩාත් හොඳ මාංශ ආහාර සැපයීමේ දැඩි වුවමනාවත් සමඟ ආරම්භ වූ අපගේ ව්‍යාපාරය මගින් තිරසර මාංශ ආහාර නිෂ්පාදනයේ ආදර්ශ මොඩලයක් බිහිකිරීමට සමත්ව තිබෙනවා. අපගේ මෙම සාර්ථකත්වයෙන් රටේ ආහාර සුරක්ෂිතතාවට මෙන්ම ඉදිරි පරම්පරාව ද ඇතුළු සමස්ත මහජන සෞඛ්‍යයටත් ප්‍රතිලාභ සැලසෙනවා″, යනුවෙන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එමිල් ස්ටැන්ලි මහතා පවසයි.
″වසර 40ක වර්ධනයත්, දැනුමත් සමග ලංකාව මේ වනවිට සෞඛ්‍යසම්පන්න බව කේන්ද්‍රකරගත් ආහාර සංස්කෘතියකට ගමන්කරමින් සිටිනවා. අපේ දැක්ම සාක්ෂාත් වෙමින් පවතිනවා″, ස්ටැන්ලි මහතා වැඩිදුරටත් පවසයි.
දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැඟීමෙන් නොනැවතුණු එමිල් ස්ටැන්ලි මහතා තවමත් ගොවිපොළ බිමෙහි, කර්මාන්තශාලාවේ සැරිසරමින් තම කාර්යමණ්ඩලය සමගින් සෑම නිෂ්පාදන අදියරක්ම පෞද්ගලිකවම නිරීක්ෂණය කරයි. මෙම නිහතමානීත්වය සහ නායකත්වය හේතුවෙන් ආයතනයේ සෑම සේවකයෙක් තුළම තමන් පිළිබඳ වටිනාකමක් සහ ගෞරවයක් ඇතිකෙරෙන ආයතනික සංස්කෘතියක් ද බිහිව තිබේ.
1986 වසරේදී සේවකයින් කිහිපදෙනකුගෙන් ඇරඹි ව්‍යාපාරය මේ වනවිට සිය ගණනකට රැකියා සැපයූ දැවැන්ත ව්‍යාපාරයකි. එමිල් ස්ටැන්ලි මහතා සහ බිරිඳ සෑම විටම තම සේවකයන් ද පවුලේම සාමාජිකයන් ලෙස සලකන අතර, ඔවුන්ගේ සුබසාධනය සහ අනාගතය වෙනුවෙන් ද නිරතුරු විමසිලිමත් වෙති. එමිල් ස්ටැන්ලි මහතා විශ්වාසකරන පරිදි ව්‍යාපාරික සාර්ථකත්වය සෑමවිටම සමාජ වගකීම සමග බැඳී තිබේ. ව්‍යාපාරයක් ගොඩනැඟීමේදී ඊට සහාය වන ප්‍රජාව ද ගොඩනැගිය යුතු බව ඔහු තරයේ අදහයි.
″ ලාංකික පවුල්වලට සෞඛ්‍යාරක්ෂිතව සැකසූ කුකුළු මස් නිෂ්පාදන පිරිනැමීම අපගේ අරමුණ වුණා. ඒ වෙනුවෙන් මහා දැවැන්ත සැලසුම් අපට මුලදී තිබුණේ නැහැ.එහෙත් හරි දේ හරි විදිහට කිරීමට අපේ ක්‍රමවේදය වුණා″, ස්ටැන්ලි මහතා ප්‍රකාශ කරයි.
ව්‍යාපාරයේ සෑම තීරණයක්ම ගනු ලැබුවේ එම ප්‍රතිපත්තිය පදනම් කරගනිමිනි. ස්ටැන්ලි මහතා සහ මේරි මහත්මිය තම ව්‍යාපාරය වැඩිදියුණු කළේ එසේ තම පාරිභෝගිකයාට සවන්දෙමිනි. ඔවුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. මාංශ සැකසුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේදී එහි සෑම අංශයකම ප්‍රමිතිය ගැන අවධානයට ලක්කෙරුණි. ශීතාගාර ඉදිකරමින් තම නිෂ්පාදනවල නැවුම්බව ආරක්ෂා කිරීමට පියවර ගැනුණි. ″අපේ පාරිභෝගික පවුල්වලට සැබවින්ම සෞඛ්‍යාරක්ෂිත කුකුළු මස් සැපයීමට නම් අපි කුකුළන්ට ලබාදෙන ආහාර ගැනත් සඇලකිලිමත් විය යුතු බව කල්පනා කළා″.
සමස්ත ලෝකය තුළම ප්‍රතිජීවක ප්‍රතිරෝධයට මාංශ ආහාර නිෂ්පාදනය විශාල දායකත්වයක් දක්වයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථනවලට අනුව වර්ෂ 2050 වනවිට ලොව පුරා වාර්ෂික පුද්ගල මරණ මිලියන 10කට හේතුවනු ඇත්තේ මෙම ප්‍රතිජීවක ප්‍රතිරෝධය යි. ලංකාව තුළ ද මේ වනවිට බහුලව භාවිතවන ප්‍රතිජීවක සඳහා ප්‍රතිජීවක ප්‍රතිරෝධය සියයට සියයක මට්ටමට ළඟාවී තිබේ.
″මේ තත්වයට ඇති ප්‍රධානම බාධාව වී ඇත්තේ ද ප්‍රතිජීවක නිෂ්පාදන කර්මාන්තයමයි. ප්‍රතිජීවක ඇසුරින් නිෂ්පාදනය කරන බ්‍රොයිලර් කුකුළුමස් සෞඛ්‍යාරක්ෂිත බවට වැරදි මතයක් ඔවුන් සමාජගත කරනවා. මේ පසුබිම තුළ සැබවින්ම සෞඛ්‍යාරක්ෂිත කුකුළුමස් නිෂ්පාදනය කිරීම අපේ අවශ්‍යතාව වුණා″, යැයි එමිල් ස්ටැන්ලි මහතා වැඩිදුරටත් පවසයි.
2021 වසරේදී තවත් කර්මාන්තශාලාවක් අරඹමින් Spicydicy නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට ද සමාගම ක්‍රියාකළේය. ඉන් අනතුරුව 2022 වසරේදී Meatlery නමින් සුඛෝපභෝගී මාංශ ආහාර සුපිරි වෙළෙඳසල් ජාලයක් ද හඳුන්වාදුන් අතර 2023 වසරේදී Gold Coin Feed Mills සමාගම මිලදීගැනීමට සමත්විය. ඒ සමග කුකුළු මස් නිෂ්පාදනයේ සෑම පියවරක්ම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ හැකියාව නිව් ඇන්තනීස් සමාගම සතුව තිබේ.
2025 නොවැම්බර් මාසයේදී සිය නවතම සන්ධිස්ථානය සනිටුහන් කරමින් හෝටල් සහ සුපිරි අවන්හල් ඉලක්ක කරගනිමින් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන අටකින් යුත් Chicken Havens නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන ලදී.
එමිල් ස්ටැන්ලි මහතාගේ නිරන්තර කැපවීම හේතුවෙන් FSSC 22000 තත්ව සහතිකය හිමි ලංකාවේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා බවට පත්වීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිවිය. තව ද, ISO 14064-1:2018 තත්ත්ව සහතිකය යටතේ හරිතාගාර වායු විමෝචනයට අදාළ තත්ත්ව සහතිකය හිමි එකම ආයතනය ද නිව් ඇන්තනීස් වේ. මීට අමතරව HACCP, GMP, ISO 22000 22000 තත්ව සහතික ද, හලාල් සහතික ද සමාගම සතුය.
තව ද තිරසර ලෙස සත්ත්ව ආහාර සපයාගැනීම වෙනුවෙන් හිමිවන Sustainable U.S. Soy” ලේබලය හිමි දකුණු ආසියාවේ සහ උපසහරානු කලාපයේ එකම සමාගම වන්නේ ද නිව් ඇන්තනීස් සමූහයයි.

