- කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම රැ. මිලියන 888 ඉක්මවයි
නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතියා අඛලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අඛලී ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංලඝු කැඳවා තිබේ. ඒ අනුව ලංසුකරුවන් 11 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද වැඩිම මිලගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වන M/s. Melwire Rolling (Pvt) Ltd වෙත රුපියල් මිලියන 721.257 ක (වැට සහිත) මුදලකටත්, M/iL. SR Steel (Pvt) Ltd වෙත රුපියල් මිලියන 167.507 ක (වැට සහික) මුදලකටත් අදාළ අඛලි ලෝහ බැහැර කිරීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

