දකුණේ අපනයනකරුවන්ගේ ගැටලු‍ විසඳන්න 24 දා මාතරදී විශේෂ සමුළුවක්


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 
ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.
වඩාත් ඵලදායී සාකච්ඡාවක් සහතික කිරීම සඳහා, අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් අපනයනකරුවන්ගේ විශේෂිත ගැටලු‍ සහ යෝජනා මේ වන විටත් රැස් කරමින් පවතී. ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අපනයනකරුවන් තම ගැටලු‍ හා යෝජනා  [email protected]  යන විද්‍යුත් ලිපිනයට හෝ   041-223 1591 දුරකථන අංකය අමතා ලබාදිය හැකිය.