
විනිවිදභාවයෙන් යුතු
පුරෝකථනය කළ හැකි සහ
සංගත තීරු බදු රාමුවක්
ස්ථාපනය කිරීම අරමුණයි
නිමල කොඩිතුවක්කු
ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු සඳහා රුකුලක් සැපයීම පිණිස විනිවිදභාවයෙන් යුතු පුරෝකථනය කළ හැකි සහ සංගත (Coherent) තීරු බදු රාමුවක් ස්ථාපනය කිරීම පිණිස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබ ඇත. අදාළ බදු සම්බන්ධිත අණපනත් සමග අනුකූලතාව සහතික කිරීම සහ එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආශ්‍රිත පැන නැගී ඇති ගැටලු විසඳීමේ අරමුණින් එම ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා 2025-11-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. අනුව, ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් මෑත කාලීන ආර්ථික, රාජ්‍ය මූල්‍ය සහ වෙළෙඳ කටයුතු ආශ්‍රිත දත්ත මෙන්ම අදාළ ව්‍යා නීති අණපනත් සමග පූර්ණ වශයෙන් අනුකූල නොවන තීරුබදු ප්‍රතිපත්තියේ විධිවිධාන පිළිබඳ සටිස් කරාත්මක සමාලෝචනයක් සිදු කරනු ලැබ ඇත.
එසේම, ජාතික තීරුබදු ප්‍රතිශතයේ ව්‍යාකූලතා ඉවත් කිරීම සහ ප්‍රතිපත්තිමය විධි විධාන හා ව්‍යාවස්ථාපික අවශ්‍යතා සමඟ අනුකූලකාව සහතික කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ලබා දෙනු ලැබ ඇති නිරික්ෂණ ද එකී සමාලෝචනයේදී සැලකිල්ලට ගෙන තිබේ.
ඒ අනුව ඉදිරිපත් වූ මෙම යෝජනාව සඳහා මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඉදිරිපත් වූ මෙම යෝජනාව සඳහා මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

