ගෝලීය දකුණේ සහයෝගීතාවක්



අර්ථ ශාස්ත්‍රඥ රොබර්ට් ට්‍රිෆින් විසින් හඳුනාගනු ලැබූ ට්‍රිෆින් උභතෝකෝටිකයෙන් සිය මුදල් වර්ගය ගෝලීය සංචිතයක් ලෙස භාවිතයට ගන්න රටක් විසින් මුහුණපාන ගැටුම හුවා දක්වනු ලබයි. ජාත්‍යන්තර වශයෙන් මතුවන ඉල්ලුමට සරිලන ලෙස එම රට සිය මුදල් වර්ගය විශාල ප්‍රමාණයන්ගෙන් සැපයුම් කළ යුතු වන අතර නිරන්තරයෙන් සිදුවන වෙෙළඳ හිඟයෙන් එම මුදලේ දීර්ඝ කාලීන වටිනාකමට එය හානිකර විය හැකිය. ඒ අතර එම තත්ත්වය දේශීය ආර්ථික ප්‍රමුඛතාවන් හා පරස්පරව ගැටෙන්නටද පිළිවන. 

ගෝලීය ආර්ථිකය වෙත ඇමරිකානු ඩොලර් සැපයුම් කිරීම මූලික වශයෙන් සපුරා ගනු ලැබුවේ ජාත්‍යන්තර වෙෙළඳාම ඔස්සේය. ඒ සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව වෙළෙඳ හිඟය පවත්වා ගැනීම කළ යුත්තේය. මෙම ව්‍යුහාත්මක අවශ්‍යතාවෙන් පිළිබිඹු වන්නේ ට්‍රිෆින් උභතෝකෝටිකයයි. එය දේශීය ආර්ථික අරමුණු සහ ගෝලීය වශයෙන් ඩොලර්වලට ගෝලීය සංචිතයක් ලෙස ඇතිවන ඉල්ලුම සමග පරස්පරව ගැටෙන්නකි. 

 ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අසාර්ථකවීම් 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඔස්සේ මෙහෙයවනු  ලැබූ වෙළෙඳ ප්‍රතිපත්තිවලින් මෙම පරස්පරතාවට දක්වන නොගැලපෙන අතාර්තික  ප්‍රතිචාරයක් පිළිබිඹු වේ. ආරක්ෂණවාදය  ඔස්සේ වෙළෙඳ හිඟය අඩු කිරීමට උත්සාහ දරන අතර ඩොලර්වල ආධිපත්‍යයද පවත්වා ගන්නා ඔහුගේ ප්‍රවේශයෙන් මෙම උභතෝකෝටිකයේ හරය තුළ ඇති මූලික පරස්පරතාව සංහිඳියාවට පත්කර ගැනීමට සමත් වන්නේ නැත. ශක්තිමත් ඩොලරයක් එක්සත් ජනපදයේ නිෂ්පාදන තරගකාරිත්වයට හානිකර වන අතර දුර්වල ඩොලරයක් ජාත්‍යන්තර විශ්වාසය සහ ආයෝජනවල විශ්වාසය අවදානමට ලක් කරයි. 

නිෂ්පාදන කාර්යයන් ඇමරිකාවෙන් ගෝලීය  දකුණේ අඩු වැටුප් සහිත රටවලට මාරු වූවා පමණක් නොව යුරෝපය හා ජපානය වැනි ඉහළ ආදායම් සහිත ඇමරිකාව සමග සෑහෙන තරම් වෙළෙඳ අතිරික්තයක් පවත්වා ගන්නා රටවලටද මාරු වූයේය. 

1980 ගණන්වල පටන් ගෝලීය විදේශ විනිමය ගනුදෙනුවල ඩොලරවල කොටස සියයට පනහේ සිට සියයට අසූ පහටත් වඩා එහි සංචිත ස්වභාවය ශක්තිමක් කරමින් ඉහළ ගිය නමුදු එහිදී යම් වන්දියක්  ඒ වෙනුවෙන් කැප කරන්නට සිදුවිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ 2009 දී ඩොලර් ට්‍රිලියන 10 ආසන්නයේ පැවැති ජාතික ණය අද වනවිට ඩොලර් ට්‍රිලියන 36 දක්වා පිම්බී ගියේය. මෙම ණය ඒකරාශී වීම යම් තරමකින් ගෝලීය ඩොලර් ද්‍රවශීලතාව සැපයුම් කිරීමේ ප්‍රතිඵලයකි. එයින් ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වන්නට ගත්තේය. ප්‍රථම වතාවට එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර මෑතකදී පහළ ශ්‍රේණියට වැටුණේ බැඳුම්කර වෙළෙඳපොළෙන් සෑහෙන තරම් ප්‍රාග්ධන ප්‍රවාහයන් ඉවත ගලා යන්නට හේතුවෙමිනි. 

ඒ අතරවාරයේ වර්ධනය වන ණය බර කළමනාකරණය කර ගන්නට හේතුවන තරම් ඩොලරයේ අගය පහත වැටීමේ බලපෑම වැඩි වූයේ  ස්ථාවර ගෝලීය සංචිත මුදල් වර්ගයක් ලෙස පැවැති එහි ස්ථාවරත්වය තවදුරටත් දුර්වල කරමිනි. 

මෙම තත්ත්වය නිසා එක්සත් ජනපදය අවදානම් සහගත තත්ත්වයකට ඇද වැටුණේය. ඩොලරයේ ජාත්‍යන්තර කාර්ය භාරය පවත්වා ගන්නට අරගල කරන අතරේ දේශීය වශයෙන් ව්‍යුහාත්මක අසමතුලිතතාව වර්ධනය වීමකට මුහුණ දෙන්නට ද ඇමරිකාවට සිදුවිය. 

ට්‍රම්ප් වාසිය බුක්ති විඳින්නට වෑයම් කරන මුත් ට්‍රිෆින් උභතෝකෝටිකයේ පරස්පරතාව අමතක කොට ඉවත හෙලිය නොහැකිය. ඒ අතරතුර එක්සත් ජනපදය එහි සංචිත මුදලේ තත්ත්වයේ දීර්ඝකාලන තිරසාරබව අභිමුවේ දෙගිඩියාවට පත් වන්නේය. 

 එක්සත් ජනපදය සමග ගනුදෙනු 

එක්සත් ජනපදයේ තීරුබදු ප්‍රතිපත්තිය ගැන හරි හැටි අනාවැකි කීමේ හැකියාවක් නොමැති අතර එක්සත් ජනපද වෙළෙඳාමේ අනාගත දිශානතිය ද නිශ්චිත නැත. මෙම අස්ථාවරභාවයේ ප්‍රතිඵලයට මුහුණ දීමට සූදානමින් ශ්‍රී ලංකාව තත්ත්වය නරක අතට හැරුණහොත් ඊට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර  ගැනීමට අනාගතය උදෙසා සැලසුම් සකස් කරගත යුතුය. බාහිර ආර්ථික බලවේග පාලනය කිරීම ශ්‍රී ලංකාවට කළ නොහැකි නිසා ඒවායේ  බලපෑම සමනය කිරීමට ක්‍රමෝපාය සැලසුම් කළ හැකිය. එය කළ යුත්තකි.  තෝරාගත් නිෂ්පාදන වර්ග උදෙසා සියයට දහයක  තීරුබදු පැනවීමට එක්සත් රාජධානිය සාකච්ඡා කොට ඇති අතර ජපානය සියයට පහළොව පරාසයේ තීරුබදු  අනුපාත උදෙසා සාකච්ඡා කරමින් සිටී. මේ අතර කැනඩාව හා යුරෝපා සංගමය ඔවුන්ගේ වෙළෙඳ සාකච්ඡා සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අත්හදා බලමින් සිටී. සාධාරණ හා තිරසාර වෙළෙඳාමක් උදෙසා කතිකා කරමින් සිටියද ගෝලීය උතුරුකරයේ රටවල් කිසිවක් වඩාත් සාධාරණ හා තුලිත වූ ගෝලීය වෙළෙඳ ක්‍රමයක් උදෙසා අර්ථවත් පියවර කිසිවක් ගෙන නොමැත. ගෝලීය දකුණේ අවාසි සහගත රටවලට අසමමිතික බව ශක්තිමත් කිරීමේ වර්තමානයේ පවතින සාකච්ඡා හැරුණකොට  සිදු වන්නේ ව්‍යුහාත්මක අසමානතාවලට විසඳුම් දෙනවාට වඩා ඒවා තහවුරු කරන සාකච්ඡාය. ශ්‍රී ලංකාවට සහ දක්ෂිණාර්ධගෝලයේ අනෙකුත් රටවලට ඇමරිකානු වෙෙළඳපොලට  පිවිසීමට  එකිනෙකාට එරෙහිව තරග වදිනවාට වඩා සංහිඳියාවෙන් හිතකර තීරුබදු පිළියම් පිළිබඳ සොයා බැලීම අවසාන වශයෙන් ඵලදායි වන්නේය. 

නිෂ්පාදන කර්මාන්තයන් නැවත එක්සත් ජනපදය වෙත ගෙන්වා ගැනීමේ වෙළෙඳ අවධාරණය සහිත ට්‍රම්ප් පාලනයේ ප්‍රවේශය  මගින් විදේශීය සැපයුම්කරුවන්ට අපනයන මිල ගණන් පහත  හෙලීමෙන් තීරුබදු පිරිවැය අවශෝෂණය කර ගැනීමට බලපෑම් කරන අතර එක්සත් ජනපද භාණ්ඩ සමග තරග නොවදින අපනයන වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා  දිරිමත් කිරීමද කෙරේ. අවධාරණයට ලක්කළ ව්‍යුහාත්මක අසමතුලිතතාවලට පිළියම් යෙදීමට මෙම ප්‍රතිපත්ති නොතරම් වන අතර  ගෝලීය දකුණේ ආර්ථිකයන්ට කිසිදු ස්පර්ෂණීය උපකාරයක් ඒවායින් පිරිනැමෙන්නේ නැත. 

ශ්‍රම පිරිවැය අවම කර ගනිමින් එකිනෙකා  හා තරග වැදී එකිනෙකාට එරෙහි යටිකූට්ටුකම් කරනු වෙනුවට ගෝලීය දකුණේ රටවල් සාමූහිකව සාකච්ඡාවලට එළඹීම වඩා යහපත්ය. ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීමෙන්  ඔවුන්ට වඩාත් සාධාරණ වෙෙළඳ පිළිවෙත් වෙනුවෙන් සහ අවම වැටුප් පදනම මත තීරණය වන මිල ගණන් වෙනුවෙන් පෙනී සිටිය හැකිය. මිලදී ගැනීම් හැකියාවේ සමානාත්මතා ඒ අනුව සකසා ගත යුතුය.

සේවකයන්ගේ යහපැවැත්ව  කැපකොට භාණ්ඩ මිල තීරණ කිරීමෙන් වැළකීමටත්  වර්ධනය වන ආර්ථිකයන්හි ක්‍රමික ලෙස ශ්‍රමය අවතක්සේරු කිරීමටත් මෙය උපකාරී වනු ඇත. ගරුත්වය සමානාත්මතාව හා තිරසර බව මත පදනම් වූ සාමූහික ප්‍රවේශයක් ඔස්සේ මෙම රටවලට සුරාකෑමේ වෙෙළඳ ගතිකයන්ට අභියෝග කිරීමට හා ස්වෛරීභාවය හා සමාජ සාධාරණත්වයට ගරු කරන ගෝලීය ආර්ථික මොඩලයකට මාරු වීමටත් ඉඩ ලැබෙනු ඇත. හුදෙක් අඩු මිල ගණන් වලින් තරග කිරීම වෙනුවට ගුණාත්මක බව නවෝත්පාදනය හා සාධාරණ ශ්‍රම ප්‍රමිතීන් ඔස්සේ තරග වැදීම,  ගෝලීය  දකුණ සඳහා දීර්ඝ කාලීන අරමුණක් විය යුතුය. 
 ගෝලීය දකුණේ 

 සහයෝගීතාවක අවශ්‍යතාව 

දුර්වල රාජ්‍යයන් කෙරෙහි ආධිපත්‍ය පැතිරවීමට බලවත් ජාතීන්ට ඉඩ නොදෙන කොන්දේසි සඳහා වඩාත් සාධාරණ වඩාත් පරිපූර්ණ බහුපාර්ශ්වික ක්‍රමයක කඩිනම් අවශ්‍යතාව බ්‍රසිලියානු ජනාධිපති ලූලා  ඩා සිල්වාගේ ප්‍රකාශයකින් නොබෝදා අවධාරණය කෙරිණි. එවැනි අසාධාරණ තත්ත්වයකට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි ස්ථාවරයකට එළඹිය යුතුය. එහිදී බාහිර බලපෑම්වල අවශ්‍යතාවට වඩා තමන්ගේම රටවල අවශ්‍යතාවන් මත හැඩ ගැසුණු ප්‍රතිපත්තීන්  තහවුරු කර ගත යුතුය. 

කිසිම තනි රටකට කෙතරම් ඔරොත්තු දෙන ශක්තියෙන් යුතු වුවද භූ දේශපාලනික බිය වැද්දීම් තනිවම දරාගත නොහැකිය. සාධාරණ බහුපාර්ශ්විකවාදයක් උදෙසා නවමු කැපවීමක් කෙරේ ජනාධිපති ලුලා නගන හඬ ගෝලීය දකුණට ඒකරාශී වීම උදෙසා කරන කැඳවීමකි. ගෝලීය පාලනය පවත්වාගෙන යන අතළොස්සක් ධනවත් රටවලට අභියෝග කරන්නට ශ්‍රී ලංකාව වැනි රටවල් අනෙකුත් ආසියානු අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල් සමග ඒකාබද්ධ විය යුතුය.

වර්තමානයේ පවතින ජාත්‍යන්තර මූල්‍ය හා වෙෙළඳ ක්‍රම බලවත් ජාතීන්ගේ වාසිය තකා විකෘති කළ එකකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන අසමානතාව උත්සන්න කරනු ලබන දැඩි පියවර නිරන්තරයෙන් නියම කරනු ලබන අතර වර්ධනය වන ආර්ථිකයන්ට අවාසි හා කාර්මික රටවල වාසි සහගත වෙළෙඳ නීති මෙහෙයවනු ලබති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටුක කොන්දේසි යටතේ පීඩා විඳින ශ්‍රී ලංකාව වඩාත් සමානාත්ම ආර්ථික ප්‍රතිපත්තිවලට ඉඩ සලසන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිය යුතුවේ. 

සාර්ක් රටවල් හෝ ASEAN රටවල් සමග දැඩි හවුල්කාරිත්වයක් පවත්වාගෙන යන කලාපීය සන්ධානවලින් සාමුහිකව ඉහළ තත්ත්වයට පත්වීම කරාවූ උත්සාහ දැරිය හැකිය. ඉන්දියාව, වියට්නාමය, බ්‍රසීලය වැනි රටවල් සමග සහයෝගිතාව පවත්වා ගැනීමෙන් ශ්‍රී ලංකාවට අසාධාරණ තීරු බදු පැනවීම හා සීමා පැනවීම්වලට එරෙහිව ඒවා පසු බැස්සවීමට ක්‍රියාකළ හැකිය. තනි තනි රටවල් ඉලක්ක කොට බිය ගැන්වීම ඒකාබද්ධ පෙරමුණක් ඔස්සේ අසීරුවට  පත්කළ හැකිය. 

ශ්‍රී ලංකාව සඳහා ප්‍රවේශයක් 

විශේෂයෙන් ට්‍රම්ප් පාලනය  යටතේ වූ එක්සත් ජනපද තීරු බදුවල ප්‍රතිපල පුරෝකථනය කළ නොහැකි ස්වභාවයෙන් ආරක්ෂා වීම සඳහා ගෝලීය වෙෙළඳපොලේ උච්චාවචනයන්ට  ගොදුරු වීම අවම කිරීමට ශ්‍රී ලංකාව ශක්තිමක් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට ප්‍රමුඛතාව දිය යුතුය. පෞද්ගලික හා රාජ්‍ය යන දෙවර්ගයේම දේශීය ව්‍යවසාය ශක්තිමත් කිරීම මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීම තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. 

බාහිර වෙෙළඳ බාධක මැද පවා එසේ කළ හැකිය. දේශීය වශයෙන් ආහාර බලශක්ති ඖෂධ නිෂ්පාදනය කිරීම හරහා ආනයන කෙරේ රඳා පැවැත්ම අඩු කළ හැකිය. ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ මගින් ගෝලීය අවිනිශ්චිත සමයන් හිදී ජනතාව ආරක්ෂා කෙරෙන අතර විදේශ විනිමය සංචිත ස්ථායිකරණය කිරීමද එයින් සිදුවේ. දේශීය ඉල්ලුමට පරිපූර්ණ වර්ධනය මත මුල් ඇද ගත් ඔරොත්තුදෙන සුළු ආර්ථිකයක් එක්සත් ජනපදය වැනි මහා ආර්ථිකයන් හි වෙ​ෙළඳ ප්‍රතිපත්ති වෙනස් වීමෙන් ඇතිවන ආර්ථික කම්පනයන්ට ආරක්ෂණයක් ලෙස ක්‍රියා කෙරේ. 

ඒ සඳහා අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලංකාව ප්‍රධාන අංශ කෙරේ ඉලක්ක ගත ආයෝජන හරහා දීර්ඝ කාලීන ආර්ථික පරිවර්තනයක් අරමුණු කොට ගත් ක්‍රමෝපාය සහිත කාර්මික ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුය. මේ සඳහා රටේ වැදගත් අවශ්‍යතා පිරිමැසීමේ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට අදාළ වන අතර විදේශ විනිමය උත්පාදනය කිරීමේ විභවතාව සහිත වැවිලි කර්මාන්තයද හඳුනාගත යුතුය. ප්‍රමුඛතාව දිය යුතු අංශයන්ට ඇඟලුම් ක්ෂේත්‍ර සැකසුම්  තොරතුරු තාක්ෂණ සේවා සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළත්වේ. 

දේශීය  ස්වයංපෝෂණය  සහ සූක්ෂම ලෙස තෝරාගත් අපනයන මූලික කර්මාන්ත යන දෙවර්ගය කෙරේම අවධානය යොමු කිරීමෙන් ශ්‍රී ලංකාවට බාහිර ණය මත රඳා පැවැත්ම අඩු කිරීමත් ආර්ථික ස්වාධිනත්වය ඉහළ නැංවීමත් කළ හැකිය. එකතු කළ අගයෙන් යුතු නිෂ්පාදන දිරිගැන්වීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය දීමෙන් හා පර්‌යේෂණ සංවර්ධන හා නවෝත්පාදනයන් කෙරේ ආයෝජන කිරීමෙන් ගෝලීය සැපයුම් දාමය කරා රටට යා හැකිය. 

එවැනි ප්‍රතිපත්තියක් උදෙසා ශ්‍රම බලකායේ නිපුණතාව නැංවීම යටිතල පහසුකම් වර්ධනය දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්වීම ද ඇතුළත් විය යුතුය. ශක්තිමත් කාර්මික පදනමකින් ශ්‍රී ලංකාව අවිනිශ්චිත අපනයන වෙෙළඳපොළ කෙරේ රඳා පැවැත්ම අඩු වනවා පමණක් නොව ගුණාත්මක රැකියා උත්පාදනයද තිරසාර ආර්ථික වර්ධනයද විදේශයන්හි දෝෂ සහගත තීරුබදු පැනවීම්වල පීඩනයන්ගෙන් ආරක්ෂා වීමද සිදුවේ. 
 බෙදී බිඳී ගිය ලොවක  ස්වාධීනත්වය  තහවුරු කර ගැනීම 

ලෝකය මංසන්ධියකට පැමිණ තිබේ. අතළොස්සක් වූ බලවත් ජාතීන්ගේ බලපෑම්වලට පාත්‍ර වන්නේද නැතහොත් වඩාත් තුලිත බහුධ්‍රවීකරණ පිළිවෙතකට එළඹිය යුතුද යන්න මෙතැනදී තීරණය කළ යුතුය. ශ්‍රීලංකාව දෙවැනිව කී මාර්ගයට අනුගත විය යුතුය. ඒ සඳහා ආර්ථික බලහත්කාරකම්වලට එරෙහිව දේශපාලන මැදිහත්වීම්වලට සහ මූල්‍ය කප්පම්ගැනීම්වලට එරෙහිව දැඩි ස්ථාවරයකට එළඹිය යුතුය. 

පසුගිය දශකයෙන් ලැබුණු පාඩම්වලින් බොහෝ දේ පැහැදිලිය. අස්ථාවරභාවයට යොමුවූ බාහිර ඉල්ලීම් මත අන්ධානුකරණය කරන අතර ස්ථිරසාර සංවර්ධනය කරා යන ස්වාධීන මාවතද පැහැදිලිව දිස්විය. 

ජනාධිපති ලූලා නිවැරදිව තර්ක කළ ආකාරයට අද දින අර්බුදයට විසඳුම රැඳී ඇත්තේ බහු පාර්ශ්වික බව අවම කිරීම මත නොව වඩාත් සාධාරණ පරිපූර්ණ ක්‍රමයක් මතය. ගෝලීය පාලනය නැවත හැඩ ගැන්වීම  උදෙසා ශ්‍රී ලංකාව සිය කාර්ය කොටස ඉටුකොට කුඩා රටවල හඬට සවන් දිය යුතු වග තහවුරු කළ යුතුය. 

ස්වාධීනත්වය ආරක්ෂා කිරීමෙන් ඩොලර් සංචිතය සංරක්ෂණය කර ගැනීමෙන් ගෝලීය දකුණ හා සහයෝගිතාව පවත්වාගෙන කලාපීය වෙෙළඳ කාණ්ඩය ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාවට බියගැන්වීම්වලට විරෝධය පාමින් ගරුත්වය හා ආත්ම අධිෂ්ඨානය තහවුරු කෙරෙන අනාගතයක් සාක්ෂාත් කරගත හැකිවේ. නිෂ්ක්‍රියාව එකඟවීමේ  කාලය නික්ම ගොස් විරෝධය පෑමේ කාලය එළඹ තිබේ.