
අර්බුධකාරී අවස්ථාවන්වල නිරන්තරයෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන කාගිල්ස්, මෙවරත් ගංවතුරෙන් විපතට පත් වූ අපේම ජනතාවට ශක්තියක් වීම සඳහා ඉදිරියට පැමිණියේය. Cargills Heart For The Nation වැඩසටහනත් සමගයි.
මේ මොහොතට අවශ්‍ය ක්ෂණික සහනයක් ලෙස දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත වියළි ආහාර පාර්සල 10,000 ක් සහිත රථ කිහිපයක්ම පිටත් කර යැවීමට කාගිල්ස් ආයතනය කටයුතු කළ අතර, මෙම ආහාර ද්‍රව්‍ය අවශ්‍යම පවුල් වෙතට ළඟා වන බව තහවුරු කිරීම සඳහා රාජ්‍ය ආයතන සමග සහයෝගයෙන් බෙදාහැරීමේ කටයුතු සිදුකෙරේ.
මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට කැමැති ඕනෑම අයකුට කාගිල්ස් ආයතනය හා සමබන්ධ වීමට හැකියාව ලැබෙන පරිදි මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ හරහා තවත් පවුල් බොහෝ ගණනකට අවශ්‍ය සහාය හිමිවනු ඇති.

