ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක්ම දරුණු ගංවතුර සහ නායයෑම් සම්බන්ධ විපත්වලට මුහුණ දී සිටින අතරවාරයේදී, VFS Global ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත තමන් දක්වන සහයෝගීතාව නැවතත් තහවුරු කර සිටී. VFS ආයතනය ශ්‍රී ලංකාව සමඟ පවත්වන දීර්ඝ කාලීන සම්බන්ධතාව පිළිබිඹු කරමින්, කඩිනම් සහන සැලසීම් සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය ලබා දීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද රජයේ නිල ගංවතුර සහන අරමුදලට VFS Global දායක වී තිබේ.
මෙම දායකත්වයෙන්, ආපදාවට ලක් වූවන්ට තාවකාලික නවාතැන් සහ වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සම්පත් ලබා දීමට සහාය සැපයෙනු ඇති අතර, ආපදාවෙන් පසු පීඩාවට පත් පවුල් නැවත ගොඩනැංවීමට ද සවියක් ලබාදෙනු ඇත.
VFS Global ආයතනය 2004 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර කොළඹ සහ යාපනය පදනම් කරගනිමින් ශ්‍රී ලාංකීය සාමාජිකයන් සමාගමේ සේවයට බඳවා ගෙන තිබේ. සමාගමේ ආයතනික ස්වේච්ඡා වැඩසටහන තුළින් එම සාමාජිකයන්, ස්වේච්ඡා සේවය සහ පරිත්‍යාග වැඩසටහන් ඔස්සේ ප්‍රජා සංවර්ධන කටයුතු නිරන්තරයෙන් සිදු කරනු ලැබේ. එය තම වටපිටාව තුළ සිටින ප්‍රජාව තුළ අර්ථවත්, තිරසාර බලපෑමක් ඇති කිරීමෙහි ලා ආයතනය දක්වන පුළුල් මෙහෙවර පිළිබිඹු කරයි.
මේ වන විටද සිදු කෙරෙමින් පවතින සහන සේවාවල කොටසක් ලෙස, පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය සැපයුම් ලබා දීමට ආයතනයේ සාමාජිකයන් එකට එක්ව සිටී. එය මෙම හදිසි අවස්ථාවේදී VFS Global ආයතනය දක්වන ප්‍රජා කේන්ද්‍රීය සහයෝගය තවදුරටත් සවිබල ගන්වයි.

