වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් හා ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය කිරීමේ පහසුකම් ඇති මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඩොලර් ලක්ෂ 600 ක ණය ආධාර ලබා දීමට කොරියාවේ එක්සිම් බැංකුව සැරසේ.
මේ සදහා වන ගිවිසුම පසුගියදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේදී අත්සන් කැරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූයේ අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාය.
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක පිහිටවනුයේ කොළඹ හා ගම්පහ ප්‍රදේශන්හී ය. මධ්‍යස්ථාන දෙක මගින් තරුණ තරුණියන්ට මෝටර් කාර්මික ශිල්පය,වෑද්දුම් ශිල්පය,පින්තාරු ශිල්පය ආදී අංශ සම්බන්ධ පුහුණුව ලබා දීමට නියමිතය. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකෙහි ඉදිකිරීම් හා ඉදිරි වැඩකටයතු අධීක්ෂණය කරනු ඇත්තේ තරුණ කටයුතු අමාත්‍යංශයයි.
ඝණ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් වැයවේයැයි අපේක්ෂිත ඩොලර් ලක්ෂ 428 ක මුදලින් ඩොලර් ලක්ෂ 335.4 ක්ම ලබාදීමට එක්සිම් බැංකුව ගිවිසුම් ප්‍රකාරව එකගතාවය පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අධීක්ෂණය කෙරෙනු ඇත.

