කොමර්ෂල්-ෂත්‍ක්‍ නිපුණතා වැඩසටහන් 27කින් ව්‍යවසායකයන්ට සවිබලය


කොමර්ෂල් බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (ෂත්‍ක්‍) එකට එක්ව, 2023 වසරේදී ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පුනර්ජීවනයට සම්මත ආකෘතියක් භාවිත කරමින් විවිධ සංවර්ධන වැඩසටහන් 27ක් පවතවා ඇත. 

මීගමුව, රත්නපුර, වවුනියාව, මහනුවර, කඩවත, යාපනය, අක්කරෙයිපත්තුව, නුවරඑළිය, බදුල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම වැඩසටහන් පවත්වන ලදී. ‘ව්‍යාපාර උපාය මාර්ගය නැවත පුනරීක්‍ෂණය කිරීම,’ ‘ලාභදායීතාව සහ ඵලදායිතාව,’ ‘ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් වෙළෙඳපොළ අවකාශය,’ ‘ඩිජිටල් සන්නාම කළමනාකරණය’ සහ කාන්තාවන් සඳහාම විශේෂිත වූ ‘කාන්තා සවිබල ගැන්වීම සහ ව්‍යවසායකත්වය’ යන මාතෘකා යටතේ මෙම වැඩසටහන් ආවරණය කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සහතිකලත් පුහුණුකරුවන් මෙම පුහුණුව ලබාදුන් අතර, ඔවුන් විසින් පවත්වනු ලැබූ පුහුණු කිරීමේ වැඩසටහන් හරහා පුහුණුව ලත් කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් එම කාර්යය අඛණ්ඩව ඉදිරියේ දී සිදුකරනු ඇත.

මෙම පුහුණු වැඩසටහන් මාලාව දියත් කිරීමට පෙර, ව්‍යවසායකයන්ගේ පුහුණු අවශ්‍යතා තක්සේරු කිරීමට කොමර්ෂල් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග හවුල් විය. එහිදී මොඩියුල (ආදර්ශ) සැලසුම් කිරීම සහ පෙර හා පසු ඇගයීම් ආකෘති පත්‍ර, නියමු වැඩසටහන් පැවැත්වීම මෙන්ම, අනාගත වැඩසටහන්වලට අදාලව පුහුණු සම්පත්දායකයන් ලෙස බැංකු කාර්ය මණ්ඩලය පුහුණු කිරීමද සිදුකෙරිණි.

කොමර්ෂල් බැංකුව රටේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සඳහා, මූල්‍ය දැනුවත් කිරීම් සහ මූල්‍ය සාක්‍ෂරතා වැඩසටහන් සංවිධානය කිරීමේ පුරෝගාමියා වෙයි. මෙම වැඩසටහන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. කොමර්ෂල් බැංකුව  පසුගිය දශකය තුළ විවිධ අංශවල ව්‍යවසායකයන් 15,000කට පමණ ප්‍රතිලාභ ලබා දෙමින්, එවැනි වැඩසටහන් 170කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇත.

-595