ඉන්දියානු තෙල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නවින් කුමාර්,උප සභාපති රාජේස් බෝධිවල්ලි යන මහත්වරු කසළ බඳුන්
ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත භාරදුන් අයුරු.
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට අනුගත වෙමින් එම ක්‍රියාවලියට ප්‍රායෝගික ප්‍රවිෂ්ඨයක් ලෙස ලංකා ඉන්දියානු තෙල් සමාගම (IOC) ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණයට අවශ්‍ය ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීම සඳහා කසළ බඳුන් විසි පහක් ත්‍රිකුණාමල ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත ඉකුත්දා භාරදෙනු ලැබීය.
ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නවින් කුමාර්, උප සභාපති රාජේස් බෝධිවල්ලි යන මහත්වරු විසින් සංකේතාත්මකව කසළ බඳුන් තුනක් මෙහිදී ලබාදීම සිදු කෙරිණි. එම අවස්ථාවේදීම කසළ බඳුන් ආණ්ඩුකාරවරයා විසින් ත්‍රිකුණාමලය නගරාධිපති කේ. සෙල්වරාජා මහතා වෙත භාරදීමද සිදු කෙරිණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන වෙත ඉදිරියේදි මෙම කසළ බඳුන් ලබාදීම දෙමින් රජය ක්‍රියාත්මක කළ ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට ලංකා ඉන්දීය තෙල් සමාගම සහාය දක්වන බව ලංකා ඉන්දියානු තෙල් සමාගමේ චීන වරාය පර්යන්ත ජ්‍යෙෂ්ඨ කළමනාකරු එන්. මන්මදන් මහතා පැවසීය.
මෙම අවස්ථාවට ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමනාකරු (ඉංජිනේරු) ටී.යෝගරාජා සහකාර කළමනාකරු සංජීව කුමාර යන මහත්වරු සමග ත්‍රිකුණාමල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. සිවරාසා යන මහත්වරු සහභාගී වූහ.

