ශ‍්‍රී ලංකාව හා තමිල්නාඩුවේ රාමේෂ්වරම් සම්බන්ධ කරමින් විසල් පරිමාණයේ ගුවන් පාලමක් තැනීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ඉන්දියා රජයේ අවධානය යොමුව තිබෙන බව එරට මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පැවසීය.
තමිල්නාඩුවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතී කිහිපයක සමාරම්භක කටයුතු වලට සහභාගීව සිටි අතරතුර දී ඔහු මේ අදහස් දැක්වීය.
තමන් මේ සම්බන්ධයෙන් ආසියා සංවර්ධන බැංකුව හා සාකච්ඡා කළ බවත් ව්‍යාපෘතිය සදහා බරපැන දැරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් ඔහු කීවේය.
මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙන්නේ ඉන්දියා ජනපති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියාව හා අසල්වැසි රටවල් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමේ සංකල්පයේ පියවරක් ලෙස බවත් ව්‍යාපෘතියෙන් දෙරටටම වාසි සැලසෙනු ඇති බවත් හෙතෙම සදහන් කළේය.

