
ඉන්දියා -ජපන් සංසදයේ හතරවැනි සැසි වාරය නවදිල්ලියේ දී පැවැත්වෙන අතර පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එහි ආරාධිතයකු වශයෙන් සහභාගී වී සිටී. ඉන්දීය විදේශ අමාත්‍යංශය හා අනන්තා පදනම මෙම සංසදය සංවිධානය කරයි.
මෙම සැසිය අතරවාරය් දී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්,මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිශ්රි ඇතුළු ඉන්දීය ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මුණ ගැසිණ.
සුළි කුණාටු විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුනර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දී තිබේ. උපායශීලී හවුල්කරුවකු ලෙස ජපානයට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා සඳහන් කර ඇත.
ඉන්දියාව හා ජපානය ගොඩනැගෙන සහයෝගීතාවෙන් ආර්ථික ආරක්ෂාව, වෙළෙඳාම, න්‍යෂ්ඨික බලය, ඩිජිටල්කරණය, ඛනිජ සම්පත් සහ ආයෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු අවස්ථා අලුතින් අත්පත් කරගත හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා මෙම සංසදයේ සිය දේශනය අතරතුර තවදුරටත් සඳහන් කර තිබේ. දෙරට අතර ඉහළ පෙළේ නායකත්වයට රටවල් අතර ද්වී පාර්ශවික හා බහු පාර්ශවික සබඳතා උපායශීලීව ඉදිරියට ගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් නවතම පැතිකඩ ඉන්දීය -ජපාන සංසදය මගින් ඉදිරියේ පවතින බව ද දක්වා තිබේ.

