ආර්ථික ස්ථාවරත්වය සමඟ Yamaha සහ AMW සුබවාදීඅපේක්ෂාවක


Yamaha මෝටර්සයිකල්, සේවා සහ අමතර කොටස් සඳහා බලයලත් බෙදාහැරීමේ නියෝජිතායතනය වන ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW), ඔවුන්ගේ අලෙවි නියෝජිත හමුවක් පසුගිය දා කොළඹ දී පවත්වනු ලැබීය.

AMW සමාගමේ නව සමූහ කළමනාකරු අන්ද්‍රෙ බොන්තියුස් මහතා සහ Yamaha අලෙවි කටයුතු සිදුකරන රටවල් 140කට වැඩි ගණනක පරිපාලනය හොබවන ජපානයේ Yamaha මෝටර් කෝපරේෂන් විධායක සාමාන්‍යාධිකාරි කුමිකෝ ඉමායි මහත්මිය විශේෂ ආරාධිත අමුත්තා ලෙස මෙම හමුවට සහභාගි වූවාය.

සභාව අමතමින් කුමිකෝ ඉමායි මහත්මිය සඳහන් කළේ, මෙරට වෙළඳපොළ තුළ Yamaha සන්නාමයට ඇති වැදගත්කම හා ඉහළ පිළිගැනීම පිළිබඳ සලකා බලමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කරනු ලැබූ බවය.

දිවයින පුරා Yamaha අලෙවි නියෝජිතයන් 200කට අධික පිරිසක් සහභාගී වී සිටි සභාවඅමතමින් බොන්තියුස් මහතා, AMW සමාගම නැවත වෙළඳපොළට පැමිණීමත් සමඟ සමාගමේ ක්‍රමික  වර්ධනයක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෝටර්සයිකල් ආනයනය කිරීම නතර වී ඇති අතර, වසර හතරකට පසු රටේ සාර්ව ආර්ථික දර්ශක නැවතත් යහපත්       තත්වයකට පත්වෙමින් පවතින බැවින් මේ වසරේ දී ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට සහනයක් ලැබෙනු ඇති    බවට අපේක්ෂා පළ කළේය.

“ශ්‍රී ලංකාවට මෝටර්සයිකල් ආනයනය සඳහා පනවා ඇති සීමාමේ වසරේදී ඉවත් වනු ඇතැයි අපි විශ්වාස කරන අතර Yamaha මෝටර්සයිකල් සඳහා ඇති ඉල්ලුම සහ පාරිභෝගික    අවශ්‍යතා සපුරමින් නැවතත් ජනතාව අතරට Yamaha සන්නාමය රැගෙන යාමට අපගේ නියෝජිතයන් සූදානම් විය යුතුයි.

“මෙවැනි තත්වයක් යටතේ, අලෙවි කටයුතු වර්ධනය කරගැනීමට නම් දැන් පටන්ම ව්‍යපාරික කටයුතු වැඩිදියුණු කිරීම සඳහා උනන්දු වීම ඉතාමත් වැදගත්. Yamaha සහ AMW සමස්ත දැක්ම අනුව ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු හැඩගස්වා ගැනීමටත් ඒ වෙනුවෙන් අලෙවි නියෝජිත ජාලයට අවශ්‍ය උපායමාර්ගික මඟපෙන්වීම සහ සහයෝගය ලබා දෙන්නටත් අපි නිරතුරුවම සූදානම්”

සියලුම අලෙවි නියෝජිතයන් හා සමීප සම්බන්ධතාවක් ඇති කරගත හැකි ආකාරයට Yamaha සහ AMW විසින් නව උපායමාර්ගික ක්‍රමවේද ද හඳුන්වා දී ඇත.

595