පුද්ගලයන්ට, කුඩා ව්‍යාපාරවලට සහ විශාල සමාගම්වලට ඇති බලපෑම හඳුනා ගැනීමට බැංකු හරහා සවිස්තරාත්මක බලපෑම් තක්සේරුවක් දැනටමත් ආරම්භ කරලා.
සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන්ට ව්‍යාපාරවලට ප්‍රමාදයකින් තොරව යථා තත්වයට පත්වීමට ආපදා ණය සහන පැකේජයක් හරහා සුදුසු මූල්‍ය ආධාර.

මහ බැංකු අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී SLBA සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් රටේ ආර්ථිකය පුනර්ජීවනය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA ප්‍රකාශ කර ඇත.
පුද්ගලයන්ට, කුඩා ව්‍යාපාරවලට සහ විශාල සමාගම්වලට ඇති බලපෑම හඳුනා ගැනීම සඳහා බැංකු හරහා සවිස්තරාත්මක බලපෑම් තක්සේරුවක් දැනටමත් ආරම්භ කර ඇති බවත්, බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අදාළ බැංකු ශාඛා කළමනාකරුවන් සමග කතා කිරීමට දිරිමත් කරන බවත් සංගමය නියෝජනය කරන බැංකු ප්‍රකාශ කළේය.
මෙම තක්සේරුවේ සොයාගැනීම් අනුව, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප්‍රමාදයකින් තොරව යථා තත්වයට පත්වීමට සහය වීමට ආපදා ණය සහන පැකේජයක් හරහා සුදුසු මූල්‍ය ආධාර ලබා දීමට බැංකු එකඟ විය. නියාමනය කරන ලද ක්ෂේත්‍රයක් ලෙස, සියලුම සහන පියවර මහ බැංකූව සමග සාකච්ඡා කරනු ඇත.
බහුපාර්ශ්වික සංවර්ධන ආයතන සමග හවුල්කාරිත්වයෙන් රජය විසින් ආරම්භ කළ හැකි ආර්ථික සහන වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමට බැංකු සූදානම් බවද මෙහි දී තහවුරු කරන ලදී.
මීට අමතරව, බලපෑමට ලක් වූ ණයගැතියන්ට ආපසු ගෙවීමට වැඩි කාලයක් ලබා දීම සඳහා, ශක්‍ය අවස්ථාවලදී රන් ණය වෙන්දීසි ක්‍රියාවලිය ප්‍රමාද කිරීමේ හැකියාව එක් එක් බැංකු විසින් සමාලෝචනය කරන බව ද SLBA පැවසීය.
මෑතකදී ඇති වූ කොවිඞ්-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය ඇතුළුව, අර්බුදකාරී කාලවලදී ආර්ථික පුනර්ජීවනය සහ ජාතිය ගොඩනැගීමට සහාය වීමට බැංකු අංශය සැමවිටම ඉදිරියට පැමිණ ඇති බව SLBA සඳහන් කළ අතර, වත්මන් අර්බුදය තුළද එසේ කිරීමට ප්‍රතිඥා දුන්නේය.

