ඉදිරියේදී ආනයනය කරනු ලබන සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 76 කට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව ත්‍යාගයක් ලෙස සහල් මෙට්ටි‍්‍රක් ටොන් දස දහසක් ඉදිරි සති කිහිපය තුළ ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දුනිසියා රජය කැමැත්ත පළ කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පෞද්ගලික වෙළෙඳුන්ට සහ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි බව ජනාධිපතිවරයා කියයි.

