ආචාර්ය ඉල්මා ඔස්මාන් සේඩාර්ට ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක්



මෙරට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන ආචාර්ය එස්. එෆ්. ඉල්මා ඔස්මාන් සේඩාර් මහත්මිය ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබුවාය.

Women Legends Awards සම්මාන උළෙලේදී මනෝ විද්‍යා හා උපදේශන විශිෂ්ටත්වය සඳහා වන Legendary Woman of the Year 2025  සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම මනෝ විද්‍යා උපදේශකවරිය සඳහා වන සම්මානය, ලක් වනිතා අභිමානි 2025 සම්මාන උළෙලේදී සායනික මනෝ විද්‍යා, උපදේශන හා පුනරුත්ථාපන විශිෂ්ටත්වය සඳහා වන සම්මානය ඒ අතරින් කිහිපයකි. 2024දී අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩිජිටල් විශ්ව විද්‍යාලය ඇයට මනෝ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය පදවියක්ද පිරිනමා තිබේ. 

මෙම සම්මාන මානසික යහපත, මානසික සෞඛ්‍ය අධ්‍යාපන සංවර්ධනය සහ පුනරුත්ථාපන සේවා පුළුල් කිරීම සඳහා ඇය සතු කැපවීම යළි තහවුරු කිරීමකි. එහිදී විශිෂ්ට සේවාව, පර්යේෂණ නායකත්වය සහ මානසික සෞඛ්‍ය ප්‍රමිති ඉහළ නැංවීමට ගෝලීය වශයෙන් ඇය දක්වා ඇති දායකත්වයද ඇගැයීමට ලක් විය. ලක් වනිතා අභිමානි සම්මානය ඇය වෙත පිරිනැමුණේ උපදේශනය සහ පුනරුත්ථාපනය සඳහා ඇය සතු රෝගී කේන්ද්‍රීය ප්‍රවේශය වෙනුවෙනි. ජාතික මානසික සෞඛ්‍ය උපදේශන සේවා වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් ඇය Iconic Awards සම්මාන උළෙලේදී සම්මාන ලැබුවාය. 

Women Legends Awards  සම්මාන උළෙලේදී ඇය අධ්‍යාපන, පර්යේෂණ හා නායකත්ව යන අංශවලට අදාළව කාන්තාවන් බල ගැන්වීමට දක්වා ඇති දායකත්වය ඇගැයීමට ලක් විය. දක්ෂ පර්‌යේෂිකාවක වන සේඩාර් මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය යටතේිමස්තිෂ්ක අංශභාග රෝගීන් සඳහා වන අධීක්ෂණය කරන ලද අත් මාංශ පේශි ශක්තිමත් කිරීමේ අභ්‍යාස’ යන මැයෙන් සිදු කළ අධ්‍යයනය සඳහා Outstanding Performance in Health Education  සම්මානය ලබා තිබේ. උපදේශන වෘත්තිකයන් සඳහා වන ගෝලීය අධ්‍යයන ආයතනයේ (GIOCP) සාමාජිකාවක වන ඇය ලංකා මනෝ විද්‍යාඥ සහ උපදේශන වෘත්තිකයන්ගේ සංගමයේද (LAPCP) සාමාජිකාවකි. ඇය වත්තල ප්‍රදේශයේ ආරම්භ කළ Hope Wellness Center  දීර්ඝ කාලයක් පුරා උපදේශන, මනෝ චිකිත්සා සහ තවත් සේවා රැසක් සපයයි.