අවතැන්වූ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට පන්නල ව්‍යාපාරිකයකුගෙන් ජල ටැංකි



 


සඳලංකාව හේමලතා ඩී. හේවගේ


දිවයින පුරා තොග හා සිල්ලරට එළවළු බෙදාහරින පන්නල ඩී.එම්. තොග එළවළු වෙළෙඳ ව්‍යාපාරික ආයතනය පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා හලාවත ඇතුළු වෙනත් ප්‍රදේශවල ජල ගැල්මට හසුව අවතැන්ව සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ලීටර් දහසේ (1000) ජල ටැංකි 50 ක් පරිත්‍යාග කරනු ලැබීය.

එළවළු ව්‍යාපාරික ඩී.එම්. දනන්සූරිය මහතා විසින් එම ජල ටැංකි පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ මහතා වෙත භාරදීම පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. මෙම ජල ටැංකි පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජල ගැල්මට හසුවූ ග්‍රාම සේවා වසම් 37 ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට යොදා ගැනීමට හැකියාව ඇති අතර, අනෙකුත් ජල ටැංකි වෙනත් ප්‍රදේශවල ජලගැල්මට හසුවූ ජනතාව සඳහා ලබාදෙන බවත් සියලු‍ම ජල ටැංකිවලට ජලය පුරවා දෙන බව ද එළවළු ව්‍යාපාරික ඩී.එම්. දනන්සූරිය මහතා පැවසීය.

මෙම අවස්ථාවට පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දුත් ජගත් කුමාර, ජාතික ජන බලවේගයේ කටුගම්පල ආසන සංවිධායක සෝමතිලක නිස්සංක යන මහත්වරු සහ ග්‍රාම නිලධාරීවරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.