Shangri-La Hambantota 10 වැනි සංවත්සරය සමරයි



ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සංස්කෘතිය, ප්‍රජාව සහ සුහදශීලී සබඳතා පෙරදැරි කරගත් දශකයක සාර්ථක මෙහෙයුම් සංවත්සරය සමරයි.

2016 ජූනි මාසයේ දී සිය ප්‍රථම අමුත්තන් පිළිගත් දින සිට, මෙම නිවාඩු නිකේතනය හුදෙක් විවේකීව ගත කරන නවාතැනකට වඩා එහා ගිය සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. බොහෝ දෙනකුට මෙය ශ්‍රී ලංකාවේ සාමකාමී සහ සාරවත් සංස්කෘතික උරුමය අත්විඳිය හැකි ස්ථානයකි. උදෑසන සැරිසරන මොණරුන් නැරඹීම, දේශීය පාරම්පරික කලා ශිල්ප අත්විඳීම, පොල් වතු සහ තටාක ආශ්‍රිතව නිර්මාණය කර ඇති ගොල්ෆ් ක්‍රීඩා පිටියේ අත්දැකීම විඳගැනීම මෙන්ම පරම්පරා ගණනාවක පවුල්වල සාමාජිකයන් නැවත නැවතත් මෙහි පැමිණීමට පෙළඹීමෙන් එය මනාව පැහැදිලි වේ.

“A Decade, With Heart යන තේමාව යටතේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරනු ලබන්නේ, නිවාඩු නිකේතනයේ වර්ධනය පමණක් නොව, එහි අනන්‍යතාව හැඩගැස්වීමට දායක වූ මිනිසුන් සහ ඔවුන්ගේ මතකය ද අගයමිනි.

මෙම සංවත්සරය පිළිබඳව අදහස් දක්වමින් එහි සාමාන්‍යාධිකාරී රෙෆ්හාන් රසින් මහතා මෙසේ පැවසීය. ‘අපගේ මෙම සංවත්සරයේ සැබෑ හිමිකරුවන් වන්නේ මිනිසුන්. ආරම්භයේ සිටම මෙම නිවාඩු නිකේතනය ගොඩනැගීමට කැපවූ අපගේ සේවකයින්, මෙහි අනන්‍යතාව රැක ගැනීමට දායක වන දේශීය ප්‍රජාව සහ ශිල්පීන් මෙන්ම වසර ගණනාවක් පුරා මතකය රැස්කර ගැනීමට නැවත නැවතත් අප වෙත පැමිණි අමුත්තන් මෙයට ඇතුළත් වෙනවා. හම්බන්තොටටම ආවේණික වූ සුවිශේෂී ආත්මයක් තිබෙනවා. පසුගිය දශකය පුරා එය ලෝකය සමග බෙදා ගැනීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.”‍

මෙම සංවත්සරයට සමගාමීව පරිසර සංරක්ෂණ සහ සේවක ඇගයීම් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ අවට ගම්මාන සඳහා ඇස් සායනයක් පැවැත්වීම, ගම්වැසියන් 2,000කට අධික පිරිසකට සලකන වාර්ෂික වෙසක් දන්සල පැවැත්වීම සහ දෘශ්‍යාබාධිත වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මකසරණ’ නිවාසයට අඛණ්ඩව අනුග්‍රහය දැක්වීම සිදු කෙරේ.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් දකුණු වෙරළ තීරයේ පරිසර පද්ධතිය සුරැකීමේ අරමුණින් නිවාඩු නිකේතන භූමියේ සහ ඒ අවට කඩොලාන පැළ 100ක් රෝපණය කිරීමට කටයුතු යොදා ඇත.