ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT‑MOBITEL 2026 වසරේ ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කිරීමට AICPA සහ CIMA පසුගියදා කටයුතු කළේය. මානව සම්පත් සංවර්ධනය හා නවෝත්පාදනය සමගින් ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීමට සමත් වීම වෙනුවෙන් SLT‑MOBITEL වෙත මෙම ඇගයුම හිමි විය.
AICPAසහ CIMA විසින් ජාත්‍යන්තර සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය නිල වශයෙන් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත්කරන ලදී. Cinnamon Life හිදී පැවති එම උත්සවයට CIMA සභාපති සහ AICPA උප සභාපති ජෝන් ග්‍රැහැම් [FCMA (UK), CGMA] මහතාද සහභාගී විය. ඊට අමතරව CIMA, SLT-MOBITEL සහ Nebula Institute of Technology වැනි ආයතන නියෝජනය කරමින් මෙරට කළමනාකරණ ගණකාධිකාරී වෘත්තියට සම්බන්ධ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ඇගයුම මගින් SLT-MOBITEL සිය 7,000 කට අධික කාර්ය මණ්ඩලයේ දියුණුව හා යහපැවැත්ම වෙනුවෙන් දැඩි අවධානයක් යොමුකරන බව මෙන්ම ඒ වෙනුවෙන් කැපීපෙනෙන ආයෝජන සිදුකරන බවද මැනැවින් පිළිබිඹු වේ. සාම්ප්‍රදායික දුරකථන සමාගමක සිට මීළඟ පරම්පරාවේ තාක්ෂණික සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටින අතරතුර සමාගම ඊට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ කුසලතා වැඩිදියුණු කරමින් සිටී. මෙමගින් වේගයෙන් වෙනස් වන තාක්ෂණික හා ව්‍යාපාරික තත්වයට අනුකූලව කඩිනමින් අනුගත වන අතරම පාරිභෝගිකයන්ටත් සමාගමටත් වඩාත් හොඳ සේවාවක් ලබාදීමට හැකි වන ආකාරයට සිය කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමට SLT-MOBITEL සමත් වී ඇත.
SLT-MOBITEL හි මානව සම්පත් දැක්ම වන්නේ Our People are Our Customers’ Advantage යන්නයි. මෙම දැක්ම ඔස්සේ සමාගම සිය ඩිජිටල් පරිවර්තන ගමන් මග තුළ සිය කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය ලබා දී තිබේ. Artificial Intelligence (AI), Cloud Computing සහ 5G වැනි නැගී එන තාක්ෂණය සම්බන්ධයෙන් සිය කාර්ය මණ්ඩලයට මනා පුහුණුවක් ලබාදීමට සමාගම පියවර ගෙන ඇත. එමෙන්ම Smart Technician, Smart Technical Officer සහ Smart Sales Officer වැනි ප්‍රධාන පෙළේ වැඩසටහන් ඔස්සේ තාක්ෂණික දැනුම අතින් මෙන්ම පාරිභෝගික සේවාව අතින් විශිෂ්ටතම කණ්ඩායම් නිර්මාණය කිරීමට සමාගමට හැකි වී තිබේ.
SLT-MOBITEL හි අධ්‍යාපන අංශය වන Nebula Institute of Technology මේ වන විට University of Hertfordshire සමග එක් වී උපාධි පාඨමාලා සහ Pearson UK සමග එක් වී ඩිප්ලෝමා පාඨමාලා පිරිනමයි. මෙම ආයතනය මගින් 2025 වසරේදී පමණක් අභ්‍යන්තර අභ්‍යාසලාභීන් 25,000 කට අධික පිරිසකට සහ බාහිර සිසුන් 1,000 කට අධික පිරිසකට රොබෝ තාක්ෂණය, දත්ත විද්‍යාව සහ Fibre තාක්ෂණය වැනි විෂයන් සම්බන්ධයෙන් පුහුණුව ලබාදෙන ලදී.
ආයතනික ව්‍යුහය සහ ශ්‍රම බලකාය ප්‍රශස්තකරණය, මානව සම්පත් ඩිජිටල් පරිවර්තනය, මානව සම්පත් සංවර්ධනය, හැකියාවන් ප්‍රවර්ධනය සහ සේවක දායකත්වය SLT-MOBITEL හි මානව සම්පත් ක්‍රමෝපායේ ප්‍රධාන අංශ ලෙස පවතී. Robotic Process Automation (RPA), AI තාක්ෂණය සහ ප්‍රධාන ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම ආදිය ඔස්සේ සිය මානව සම්පත් කටයුතු කැපීපෙනෙන ලෙස වැඩිදියුණු කිරීමට සමාගම සමත් වී ඇත. එමෙන්ම සමාගම විසින් මෑතකදී කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් භැහකසැ නමින් ජංගම යෙදුමක් සහ AI තාක්ෂණය මගින් බලගැන්වෙන “Ask HR” නම් විශේෂ සේවාවක්ද හඳුන්වා දෙන ලදී. වැඩිදියුණු කළ කාර්යසාධන කළමනාකරණ ක්‍රමවේද සහ Monthly Champions සහAnnual Excellence Awards වැනි සේවක ඇගයුම් වැඩසටහන් ඔස්සේ ආයතනය තුළ ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාමටද SLT-MOBITEL කටයුතු කරයි. එමෙන්ම විවෘතව අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දෙමින් ඵලදායී ආයතනික සම්බන්ධතා ගොඩනංවා ගැනීම ඔස්සේ බාධා අවම කරමින් අඛණ්ඩව සේවා පවත්වාගෙන යන සහයෝගී ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට සමාගමට හැකි වී ඇත.
විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය වැනි ගුණාංග සෑම විටම ආරක්ෂා කරන SLT-MOBITEL, සෑම සේවකයකු/සේවිකාවක තුළම තමන්ට නිසි ගෞරවය හා පිළිගැනීම හිමි වන බවට විශ්වාසය ඇතිකරවීම සඳහා කැප වී කටයුතු කරයි. සැමට සමාන බඳවාගැනීම් ප්‍රතිපත්ති, නම්‍යශීලී රාජකාරි ආකෘති සහ සේවක සම්පත් කණ්ඩායම් ආදිය ඔස්සේ කාර්ය මණ්ඩලයේ සෑම කෙනකුටම නිසි වටිනාකම හිමි වන බව සහතික කෙරේ.

