
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව, සිය ශාඛා ජාලය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ බස්නාහිර පළාත් දිවුලපිටිය ශාඛාව පසුගියදා නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලදී. නව පරිශ්‍රය විවෘත කිරීම RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී අසංග තෙන්නකෝන් මහතාගේ ආරාධනයෙන් සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා අතින් සිදු කෙරුණි.
RDB දිවුලපිටිය ශාඛාව, පාරිභෝගික සේවාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, නවීන පරිශ්‍රයක වඩාත් වැඩි පහසුකම් සහිතව දියුණු කළ යටිතල පහසුකම්, පුළුල් කළ පාරිභෝගික සේවාවලින් අනූනව ගනුදෙනුකාර ප්‍රජාවට පහසුකම් රැසකින් සමන්විතවය.
RDB බැංකුවේ ව්‍යාපාර මෙහෙයුම් අංශ ප්‍රධානී කුමුදු ජයසුන්දර මහතාගේ උපදේශකත්වය සහ බස්නාහිර පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරිණී මනෝජිකා හේරත් මහත්මියගේ අධීක්ෂණ යටතේ, දිස්ත්‍රික් කළමනාකාරිණී ගීතා පෙරේරා සහකාර දිස්ත්‍රික් කළමනාකාරිණී චමිලා රාමවික්‍රම දිවුලපිටිය ශාඛා කළමනාකාරිණී ලසන්ති වික්‍රමආරච්චි ඇතුළු කාර්ය මණ්ඩලය මෙම උත්සවය විචිත්‍රවත්ව සංවිධානය කර තිබුණි.

