NDB බැංකුවෙන් “Super Rates, Super Savings” සීමිත කාලීන ස්ථාවර තැන්පතු දීමනාවක්


ගනුදෙනුකරුවන්ට ඉහළ ප‍්‍රතිලාභයක් සහ ඔවුන්ගේ ඉතුරුම් සඳහා වේගවත් වර්ධනයක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති සුවිශේෂී දින 100 සහ 200 ස්ථාවර තැන්පතු  ක්‍රමය හඳුන්වා දීම පිළිබඳ NDB බැංකුව නිවේදනය කර සිටියි. 2025 දෙසැම්බර් දක්වා සීමිත කාලයක් තුළ ක්‍රියාත්මක වන මෙම නව හඳුන්වා දීම ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ ඇති තරගකාරී දීමනා වලට සමගාමීව ඉහළ පොලී අනුපාතයක් ලබා දෙයි.
ගනුදෙනුකරුවන්ට කෙටි කාලීන, ඉහළ ඵලදායී විකල්ප දෙකක් අතරින් වඩාත් ගැළපෙන විකල්පය තෝරා ගැනීමට නම්‍යශීලී අවස්ථාවක් ලබා දෙමින්, දැන් දින 100ක් සඳහා සියයට 8ක සහ දින 200ක් සඳහා සියයට 8.25ක ආකර්ෂණීය පොලී අනුපාත භුක්ති විඳීමේ හැකියාව පවතියි.
දිනෙන් දින වර්ධනය වන වර්තමාන මූල්‍ය ක්ෂේත‍්‍රයේ ස්ථාවරත්වය, ද්‍රවශීලතාව සහ තරගකාරී ප‍්‍රතිලාභ සොයන පුද්ගලයන්ට කදිම අවස්ථාවක් උදාකර දෙමින් NDB බැංකුවේ “Super Rates, Super Savings” පිරිනැමීම සමගින්, ගනුදෙනුකරුවන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව තම අරමුදල් සුරක්ෂිත කර ගනිමින් කෙටි කාලීන ආයෝජන සැලැස්මක් තුළ වේගවත් ප‍්‍රතිලාභ අත්විඳිමේ හැකියාව පවතියි.